Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැවැන්ත අර්බුධයක් මැද තෙල් බොන වාහන පාර පුරා - උදයගම්මන්පිල

ආර්ථික අර්බූදය හේතුවෙන් රජය සතු යම් වැදගත් ව්‍යාපාරයක් පුද්ගලික අංශයට ලබා දෙන්නේ නම් නිස්චිත කාලයකට පසු රජය විසින් එම ව්‍යාපාරය යළි මිලදී ගැ...

ආර්ථික අර්බූදය හේතුවෙන් රජය සතු යම් වැදගත් ව්‍යාපාරයක් පුද්ගලික අංශයට ලබා දෙන්නේ නම් නිස්චිත කාලයකට පසු රජය විසින් එම ව්‍යාපාරය යළි මිලදී ගැනීමටත් ඒ සදහා “ යළි මිලදී ගැනීමේ අරමුදලක් “ බිහිකිරිරීමටත් කටයුතු කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා වැඩි දුරටත් මෙසේ ප්‍රකාශකර සිටියේය.

ඉන්දිරා ගාන්ධිගෙන් ලක් රජයට පාඩමක්

1972 වසරේ ජාත්‍යන්තර සමුළුවක අවසානයේ පැවැත්වුන රාත්‍රී භෝජන සංග්‍රහයකදී, එවකට ලෝකෙ හිටිය අගමැතිනියන් දෙදෙනා එක තැන වාඩි වෙලා හිටියා. ලංකාවේ සිරිමාවෝ මැතිණිය ඉන්දියාවේ ඉන්ධිරා මැතිණිය, එතන රස මසවුළු පිරිලා තිබුණත් ඉන්දිරා ගාන්ධි මැතිණිය රාත්‍රී ආහාරයට ගත්තේ ජලය වීදුරුවක් විතරයි.මේ ගැන අපේ සිරිමාවෝ මැතිණිය ප්‍රශ්න කළහම එතුමිය කිව්වේ අපේ රටේ දැවැන්ත දුර්භික්ෂයක්, ජනතාව ලක්ෂ සංඛ්‍යාත ගණනින් කන්න නැතිව දුක් විඳිනවා, ඒ නිසා මම දුර්භික්ෂය අවසන් වනතුරු රාත්‍රී කෑම ගන්නෙ නෑ කියල ප්‍රතිඥාවක් දුන්න කියල. සිරිමාවෝ මැතිණියට ප්‍රශ්නයක්, එතුමිය අහනව ඉන්දිරා මැතිණියගෙන් ඔබතුමිය රෑට කෑවෙ නෑ කියලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ බඩගින්න නිවෙන්නෙ කොහොමද කියලා. එතකොට ඉන්දිරා මැතිණිය උත්තර දෙනවා මම බඩගින්නෙ හිටියයි කියලා ලක්ෂ ගානක් ජනතාවගේ බඩ පිරෙන්නේ නැති බව ඇත්තයි , හැබැයි මගේ ජනතාව දැන් දන්නවා මම ඔවුන් වෙනුවෙන් කැපකිරීමක් කරනවා ඔවුන්ගේ බඩගින්නෙ වේදනාව මටත් දැනෙනවා. ඒ නිසා මම ඔවුන්ගේ බඩගිනි ප්‍රශ්නෙ විසඳාවී කියන, විශ්වාසය ඒ අය තුළ ඇති වෙනවා ජනතාවගේ විශ්වාසය දිනා ගන්නේ නැතුව ජනතාවගේ ගෞරවය දිනා ගන්නේ නැතුව ආණ්ඩුවකට කිසිම මොහොතක කිසිම ප්‍රශ්නයක් විසදන්න බැහැයි කියල ඉන්දිරා ගාන්ධි මැතිණිය උත්තර දෙනවා.

අර්බුද අවස්ථාවේ අපි ජනතාවට කැපකිරීම් කරන්න කියලා ඉදිරියේ අමාරුයි කියලා, දේශනා පවත්වල හරියන්නේ නැහැ. අපි කැපකිරීම් කරන්න ලෑස්ති කියන එක කතා වෙන් නෙමේ ක්‍රියාවෙන් , ආදර්ශයෙන් ජනතාවට පෙන්නන්න ඕන. මන් දන්නෑ අපේ වර්තමාන ආණ්ඩුව ඉන්දිරා ගාන්ධි මැතිණිය දුන්න ඒ ආදර්ශය දන්නවද කියලා, හැබැයි ඉන්දිරා මැතිණියගේ ආදර්ශය දන්නවනම් මේ අර්බුදය මැද මෙවැනි අමාත්‍ය මණ්ඩලයක් පත් කරාවි ද? තෙල් අර්බුදය මැද මෙච්චර තෙල් පුච්චන වාහන තවමත් භාවිතා කරාවි ද? විවිධ උත්සව පවත්වාවිද? කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා. ඇත්තෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අර්බුදයෙන් ගොඩ ඒමට ගන්න තියෙන තීන්දු ඉතා වේදනාකාරී. මම ෂෙහාන් සේමසිංහ ඇමතිතුමාගෙ කතාව අහන් හිටිය, එතුමා කිව්වේ සහතික ඇත්ත. ගන්න තියෙන තීන්දු ජනතාවට වේදනාකාරී. සැත්කමක් කරද්දි, රිදෙනවා තමයි. රිදෙනවයි කියලා සැත්කම නොකර හිටියොත් ලෙඩා මිය යනවා.හැබැයි ඒ වේදනාකාරී සැත්කමට යොමු වෙන්න නම් අපි දන්නවා ඉදිරියේදී මේ අර්බුදයෙන් ඇත්තෙන්ම ගොඩ එන්න ඕනේ නම් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා. සහනාධාර කප්පාදු කරන්න සිද්ධ වෙනවා. ජලය විදුලිය ඉන්ධන වගේ උපයෝගීතා සේවාවන් සැබෑ පිරිවැය නිරූපිත මිලකට දෙන්න සිද්ධ වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. රාජ්‍ය සේවය කප්පාදු කරන්න වෙනවා. මේවා අතිශයින්ම ජනප්‍රිය නොවන තීන්දු. ජනතාවගේ විරෝධතා මතු වෙන තීන්දු. ඒ තුළින් ඇතිවන දුෂ්කරතා ජනතාව දරාගන්න නම් මේ දුක අපිට දෙන්නෙ අපේ හොඳටයි , නායකයෝ අපිව ගොඩදමාවි, අපි මේ විඳින වේදනාව අපේ නායකයන්ට තේරෙනවා කියන හැඟීම ජනතාවගේ සිත් තුළ ජනිත කරන්න ආණ්ඩුව සමත් විය යුතුයි. අන්න එතනදි ඒ දුෂ්කර තීන්දු අරගත්තේ නැත්නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ දුෂ්කර තීන්දු අරගන්න ජනතාවගේ එකඟතාවය ගන්න නම් නායකයනුත් ජනතාවත් එක්ක එකට කැපකිරීම් කරන්න සූදානම් කියන එක පෙන්විය යුතුයි.

එහෙම නැතුව උඹලා පටි තද කර ගනිල්ලා කියලා බණ දේශනා කිරීමෙන් නම් මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය දේශපාලන නායකත්වය සපයා දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙන්නේ නැහැ.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ලොකු සංවාදයක් අද රටේ තියනවා. මට රාජ්‍ය ආයතනයක එක්ක දීර්ඝකාලීන අත්දැකීම් තියෙනවා. මුලින්ම පරිසර අමාත්‍යවරයා ගේ ජේෂ්ඨ උපදේශක විදිහට තමයි ආණ්ඩුවට සම්බන්ධ වුණේ, අධිකාරී වල සභාපති ධූර පළාත් අමාත්‍ය ධූර, කැබිනට් අමාත්‍යධුර කරද්දි මේ රාජ්‍ය ව්‍යාපාරය ගැන අත්දැකීම දැක්කා. රාජ්‍ය ව්‍යාපාර වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා . පෞද්ගලික අංශ ව්‍යාපාරයක අයිතිකරුවා කළමනාකරුගේ බෙල්ල මිරිකගෙන ඉන්නේ. කළමනාකරුවන් ඒ පීඩනය ඇති කරනවා සේවකයන්ට , ඒ නිසා සේවකයන්ට වත් කළමනාකරුවන්ට වත් අයිස් ගහන්න වත් හොරකම් කරන්න වත් අවස්ථාව නැහැ.

මොකක්ද රාජ්‍ය අංශයේ තත්ත්වය, අපි ඇත්තම කතා කරමු ඇමතිවරයාගේ සිට සුළු සේවකයා දක්වා හැමෝම කල්පනා කරන්නේ මේ ආයතනයෙන් මට මොකක්ද වෙන වාසිය මිසක් මට මොකක්ද මේ ආයතනයට කළ හැක්කේ කියන එක නෙමෙයි. පත්වීම් ලබා දෙද්දී දක්ෂයාට වඩා තනතුර ලැබෙන්නෙ හිතවතාට, ටෙන්ඩර් ලබාදෙන්නේ හොඳම සැපයුම්කරුවා ට වඩා හිතවතාට, මෙන්න මේ දුර්වලතා නිසා තමයි රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයත් එක්ක තරගකාරීව පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙන්නේ. මේ අඩුපාඩු තියෙනවා කියලා අපි පිළිගන්න ඕන. එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්නත් ඒ හා තරඟකාරී ව්‍යාපාර ලාභ ලබන්නත් හේතුවක් නැහැනේ.

යළි ගන්නා අරමුදලක් ?

දැන් මේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිවුව ගමන් බොහෝ දෙනෙක් හිතනවා පෞද්ගලීකරණය , මේවා පෞද්ගලික අංශයට සියට සීයක් දෙනවා මේවා විදේශිකයන්ට විකුණන්න යනවා කියල.

විකල්ප ගණනාවක් තියෙනවා. මං කැමතියි ඒ විකල්ප මොනාද කියල මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න. අපට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි Management Buyout. තමන්ගේ ආයතනය පෞද්ගලික අංශයට දෙනවට විරුද්ධ නම් සේවකයන් සහ කළමනාකරුවන් එකතුවෙලා ඒ ව්‍යාපාරයේ යම් ප්‍රතිශතයක් මිලදී අරගෙන කළමනාකරණය බාරගන්නවා. ඒක අද ලෝකෙ පුරා වෙන දෙයක්. නමුත් මම දන්නෙ නැහැ එවැනි දෙයක් කරන්න සූදානමක් හැකියාවක් සහ මූල්‍ය ශක්තියක් ඒ සේවකයන්ට තියෙනවද කියලා.

දෙවෙනි කාරණය තමයි ටෙලිකොම් එක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් දුන්න ආකාරයට යම් කොටස් ප්‍රතිශතයක් සමග කළමනාකරණය පෞද්ගලික අංශයට භාර දෙනවා. ඇත්තෙන්ම Public Private Partnership නැත්තං රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර කියන්නේ මේක.

ඒ වගේම තවත් සමහර ව්‍යාපාර අපට තියෙනවා සියයට සියයක් පුද්ගලික අංශයට විකුණන්න සිද්ධ වෙනවා. ඒවට යම් විරෝධයක් තියෙනවා නම් මේවා අනිවාර්යෙන්ම ආණ්ඩුව ගාව තියෙන්න ඕන නම්, අපට ඒකට විකල්පයක් තියෙනවා. ආණ්ඩුවට පුළුවන් ව්‍යාපාර යළි මිලදී ගැනීමේ අරමුදලක් හදන්න. ව්‍යාපාර විකුණන්නෙ නිශ්චිත කාලයකට , යළි මිලදී ගැනීමේ ගිවිසුමක් සහිතව ඊට පස්සේ සෑම වසරකම අයවැයේ ආණ්ඩුවේ ආදායමෙන් ප්‍රතිශතයක් ,සියයට එකක් දෙකක් හරි මේ අරමුදලට බැර කරනවා. එතකොට අර ව්‍යාපාරෙ නියමිත කාලය අවසන් උනහම ඒ ව්‍යාපාරය් ශුද්ධ වත්කම් වල වටිනාකමට නැවතත් ආණ්ඩුවට එය අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අමාරු කාලෙ නියඟය ආවාම ගස්වල කොළ හැලෙනවා .ආයෙත් වස්සාන කාලයේ දි ගස්වල දළු දාලා හැදෙනවා. ඒ වගේ ආණ්ඩුවට බැරි උනහම විකුණනවා, හැකියාව තියෙන දවසට යළි මිලදී ගැනීමේ එකඟතාවයෙන්.

ඒ විතරක් නෙමේ වාර්ෂිකව මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ගොඩනැගීමට එවැනි මුදලක් වෙන් කළ යුතුය කියලා පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කරලා ව්‍යාපාර යළි මිලදීගැනීමේ අරමුදල පිහිටවන්න පුළුවන්. තවත් අපිට විකල්ප ගණනාවක් තියෙනවා වැදගත් වෙන්නේ ආණ්ඩුවත් සමස්ත ජාතියක් අලුතෙන් හිතන්න පටන් ගන්න ඕනේ. හිතපු රූප රාමුවෙන් ඉවත්වෙලා අපි අලුතෙන් හිතන්න පටන් ගත්තොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන්.

 

No comments

Ads Place