Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේ ප්‍රශ්ණ විසදන්න අනුර කුමාර ජනපති කල යුතු බවට ජනතාව සිතනවා - හදුන්නෙත්ති

මෙරට ඇති වී තිබෙන ප්‍රශ්න විසඳීමට නම් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කළයුතු බව රටේ ජනතාව කල්පනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලි...

මෙරට ඇති වී තිබෙන ප්‍රශ්න විසඳීමට නම් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කළයුතු බව රටේ ජනතාව කල්පනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
රනිල් චන්ද්‍රිකා මහින්ද යුග අවසන් වී ඇති බවත් රට ගොඩනැගීමේ වගකීම තරුණ පරපුර භාරගත යුතු බව පැවසූ ඔහු ඒ සඳහා නායකත්වය ලබාදීමට තම පක්ෂය සුදානම් බවද සඳහන් කළේය.
රටේ හොරකම අවසන් කළ හැක්කේ තම ආණ්ඩුවක් යටතේ බව ජනතාව විශ්වාස කරන බවද එය රනිල් රාජපක්ෂලා දන්නා බවක් හෙතෙම පැවසීය.
තම පක්ෂය බලයට පැමිණිය හොත් නැවත බලය ලබා ගත නොහැකි නිසා ඔවුන් එකතු වී තමන්ට බලයට පැමිණීමට ඉඩ නොදෙන බවද හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමිනි.

 

No comments

Ads Place