Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට ආයෝජනය කරන්නැයි ප්‍රංශයෙන් ඉල්ලයි

ධීවර තොරතුරු තාක්ෂණ සහ පුනර්ජනනීය බලශක්තිය වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නයි අගමැතිවරයා ප්‍රංශයෙන් ඉල්ලයි ඊට අමතරව ඉලෙක්ට්‍රොනික හා සංචාරක ව...

ධීවර තොරතුරු තාක්ෂණ සහ පුනර්ජනනීය බලශක්තිය වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නයි අගමැතිවරයා ප්‍රංශයෙන් ඉල්ලයි

ඊට අමතරව ඉලෙක්ට්‍රොනික හා සංචාරක ව්‍යාපාරය වැනි අංශ වෙත ද ප්‍රංශ ආයෝජකයින්  වැඩි වශයෙන් ප්‍රවේශ වීම වැදගත් බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

සිය සේවා කාලය අවසන් කොට නික්ම යන ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා 2022/09/27 අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අගමැතිවරයා හමුවිය.

මෙරට ප්‍රංශ භාෂාව හැදෑරීමේ පහසුකම් දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව ද ගුණවර්ධන මහතා ප්‍රංශයට ස්තූතිය පළ කළේය.

ඉදිරියේදිත් දෙරට අතර ද්විපාර්ශික සබඳතා පුළුල් කර ගැනීමට අඛණ්ඩව ක්‍රියා කෙරේ.

තොරතුරු තාක්ෂණය සංචාරක හා කෘෂිකර්මාන්තය  යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව තුළ විශාල විභවයක් ඇති බව එරික් ලැවර්ටු  මහතා පෙන්වා දුන්නේය.

ගෝලීය ආර්ථික තත්ත්වය වත්මන්  දුෂ්කර අවදියෙන් මිදීමෙන් පසු ප්‍රංශය මෙරටෙහි තවත් ව්‍යාපෘති දියත් කිරීමට සූදානම් බව ඔහු කීවේය.යුරෝපය සහ අනෙකුත් වෙළඳපොළ වල මත්ස්‍ය නිෂ්පාදනය සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.

එබැවින් ධීවර සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමට ප්‍රංශය සූදානම්ය.එහිදී වැඩි විදේශ ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට ද හැකි වෙයි.

දේශගුණික විපර්යාස, වෙළඳාම සහ වාණිජ වැඩසටහන්, යුරෝපීය සංවර්ධන අරමුදල මත පදනම් වූ ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

 

No comments

Ads Place