Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුසියානු සමාගම් ලංකාවට තෙල් දෙන්න අත්පිට මුදල් ඉල්ලයි

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදිය හැක්කේ පෙර මුදල් ගෙවීමේ පදනම මත පමණක් බව රුසියානු තෙල් සමාගම් විසින් දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදිය හැක්කේ පෙර මුදල් ගෙවීමේ පදනම මත පමණක් බව රුසියානු තෙල් සමාගම් විසින් දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ලංකාවේ පවතින ටෙන්ඩර් ක්‍රියාවලියට එක්විය විය නොහැකි බවද ඔවුන් දැනුම් දී ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී යොමු කර තිබේ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

“අපි කැමතිනම් ගිහිල්ලා ඔවුන් එක්ක දීර්ඝ කාලීනව ගිවිසුම්වලට එකඟ වෙන්න ඕන. එකේ වාසි අවාසි දෙකම තිබෙනවා. කෝප් කමිටුවත් අනෙකුත් කමිටුත් ලබාදී ඇති නිර්දේශ අනුව අපට ප්‍රසම්පාදනයෙන් පිටත යන්න බෑ.

සියලු දේශපාලන පක්ෂ අපිට රුසියානු සමාගම්වලින් තෙල් අඩුවට ගන්න පුළුවන් බවට අපිට ලබාදුන් යෝජනාවලට අපි සෑම සමාගමකටම ඇණවුම් සහතියක් ලබා දී තිබෙනවා.

සමාගම් 12කට වැඩිය අපි ලිපි ලේඛණ ලබාදි තිබෙනවා. ඕනෑම අවස්තාවක අපිට ඇණවුම් ලබාදෙන්න පුළුවන්. ඒ ඇණවුම් වලට ලැබෙන්නේ නැති එක තමයි ගැටලුව

 

No comments

Ads Place