Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාපැදි තොගයක් සමග හොරෙක් අල්ලයි

යාපනයේ ස්ථාන කිහිපයකින් පාපැදි ඇතුලු ගෘහ උපකරණ රැසක් සොරාගත් කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට අච්චුවේලි පොලීසිය පවසයි. යාපනය නියෝජ්‍ය පොල...

යාපනයේ ස්ථාන කිහිපයකින් පාපැදි ඇතුලු ගෘහ උපකරණ රැසක් සොරාගත් කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට අච්චුවේලි පොලීසිය පවසයි.

යාපනය නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ උපදෙස් පරිදි අච්චුවේලි පොලීසිය මගින් අච්චුවේලි සහ සිරප්පිඩ්ඩි ප්‍රදේශයන්හි සිදුකරන ලද සෝදිසිකිරීම් වලදී අදාල සැකකරුවන් විසින් පාපැදි සොරකම් කොට විකුණන්න උත්සහ ගැනීමේදී අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සොර කල්ලිය විසින් සොරකම් කරන ලද පාපැදි 11 ක් මෙන්ම වතුර මෝටර් , රූපවාහිනි අතුරු ගෘහ උපකරණ රැසක් සොයාගැනීමට  පොලිස් නිලධාරීන් සමත් විය.

අදාල සොර කල්ලිය විසින් සොරාගන්නා දෑ වෙනත් ප්‍රදේශයකට විකුණා මුදල්කරගන්නා බවට තොරතුරු ලැබී ඇති අතර එලෙස විකුණන දෑ පිළිබඳවද සෙවීමට පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අච්චුවේලි ප්‍රදේශයේම පදංචිකරුවන් වන අතර ඔවුන් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

No comments

Ads Place