Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝඨාභය හෙට ලංකාවට එයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ආපසු මේ රටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ මහතා තමන් ද ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් ...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ආපසු මේ රටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ මහතා තමන් ද ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව හරහා තායිලන්තයට ගොස් එහි සති කිහිපයක් ගත කළේය.
ගෝටාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
අගෝස්තු 24 වැනිදා ඒ මහතා මෙරටට පැමිණෙන්නේ යැයි වාර්තා වීමත් සමග සමාජ ජාල ඔස්සේ සංවිධානය කළ පිළිගැනීම් හෙට දිනයේ එයාකාරයෙන්ම නොපැවැත්වෙනු ඇති බවද වාර්තා වේ.

 

No comments

Ads Place