Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් අපි සංවිධානය කරන පුවත බොරු'- ජපානය

ලංකාව වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමුළුවක් පැවැත්වීමට එරට රජය සූදානම් වන බවට කරන ප්‍රකාශ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ...

ලංකාව වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමුළුවක් පැවැත්වීමට එරට රජය සූදානම් වන බවට කරන ප්‍රකාශ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති බව Daily FT පුවත්පත වාර්තා කරයි.
මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි පැවසුවේ ශ්‍රී ලංකාව සමඟ එවැනි සමුළුවක් පැවැත්වීමට සූදානමක් නොමැති බවය.
“අපි ශ්‍රී ලංකාව සමඟ විවිධ අන්තර් සම්බන්ධතා පවත්වමින් සිටිමු. ශ්‍රී ලංකාවේ බරපතළ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අපි හොඳින් නිරීක්ෂණය කරමින් සිටිමු. රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ නිෂ්පාදන සහ ආහාර වශයෙන් මානුෂීය ආධාර රටට ලබාදීමේ සැලසුම් අපි මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් විනිවිදභාවය සහතික කරමින් මූල්‍ය හා ආර්ථික විසඳුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපේ රට ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කර ශ්‍රී ලංකාව හෝ වෙනත් ජාත්‍යන්තර පරිත්‍යාගශීලී සංවිධාන සමඟ සාකච්ඡා කරනු ඇත,”

 

No comments

Ads Place