Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රධාන පන්සලක මාසික විදුලි ඒකක 8500ක්..

එක්තරා විහාරස්ථානයක මාසික විදුලි ඒකක ප්‍රමාණය 8,500කට න ප්‍රමාණයක් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. එම ප්‍රමාණය ...

එක්තරා විහාරස්ථානයක මාසික විදුලි ඒකක ප්‍රමාණය 8,500කට න ප්‍රමාණයක් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

එම ප්‍රමාණය ඇතැම්විට කොළඹ ඇති හෝටලයකටත් වැඩි ඒකක ප්‍රමාණයක් බව ද ඔහු පැවසීය.

ආගමික ස්ථාන මෙතරම් විදුලි පරිභෝජනය සිදු කරන්නේ කුමන හේතුවකට දැයි තේරුම් ගැනීමට නොහැකි බව ද හෙතෙම පවසයි.

‘පාර්ශ්වයන් සඳහා සහනාධාරයක් ලබා දෙනවා නම් මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය සංස්කෘතික අරමුදලෙන් එහෙමත් නැත්නම් බුද්ධ ශාසන අමාත්‍යාංශය මූලිකත්වය ගත යුතුයි. මොවුන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවානම් අපිට පූජනීය ස්ථාන සඳහා ඒ සහනාධාරය ලබා දෙන්න හැකියාව තියෙනවා.

නමුත් අමාරුවෙන් ජීවත් වන මහජනතාවගෙන් අයකරන සල්ලිවලින් කිසිම කෙනෙක්ගේ බිලක් ගෙවන්න එපා කියලා අපි බොහොම පැහැදිලිව ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. මේ තරම් කාලයක් ආගමික ස්ථානවල විදුලි බිල ගෙවනු ලැබුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින්. නමුත් තවදුරටත් විදුලිබල මණ්ඩලයට ඒ දේම කරන්න බෑ. පණ අදින ආයතනයකට තවත් මේ වගේ බරක් දරන්න බෑ. අපේ රටට විදුලිබල මණ්ඩලයක් අවශ්‍යයි. ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලිබල මණ්ඩලය ගැන බලාගන්න තියෙනවා.

පහුගිය දවසක එක්තරා පන්සලක මාසයකට විදුලි ඒකක 8500 කට ආසන්න ප්‍රමාණයක් භාවිතයට අරගෙන කියලා මට දැනගන්න ලැබුණා. ඒ කියන්නේ විදුලි බිල මසකට රුපියල් ලක්ෂ 5ක්. ඒක සමහර විට කොළඹ තියෙන හෝටලයටත් වැඩි ප්‍රමාණයකින් ඔවුන් විදුලිය පාවිච්චි කිරීමක්. ඇත්තටම ආගමික ස්ථානයක ඒ තරම් විදුලි පරිභෝජනයක් සිදුවෙන්නේ මොන හේතුවකටද කියලා තේරුම් ගන්න බැහැ.

යම්කිසි විදිහකට මේ පාර්ශ්වයන්ට සහනාධාර ලබාදෙනවා නම් දේශපාලන අධිකාරය මහා භාණ්ඩාගාරය සහ අදාළ අමාත්‍යාංශය එකතුවෙලා මේ සහනාධාර දෙනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඔවුන් මේ සඳහා මැදිහත් වීමක් අවශ්‍ය ක්‍රමවේද හදලා මහජන උපයෝගිතා කොමිසම ඕනෑම අවස්ථාවක සැදී පැහැදී ඉන්නවා.නමුත් මහජනතාවගේ සල්ලිවලින් වෙනත් පුද්ගලයන් සහ ආයතන රැකගැනීමේ අවශ්‍යතාවයක් නෑ’

 

No comments

Ads Place