Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නැතුව තෙල් නැව් 5ක් හිර වෙයි

මෙරටට පැමිණ තිබෙන ඉන්ධන නැව් 05කට මුදල් ගෙවා ගොඩබා ගත නොහැකි නිසා එම නැව්වල ඉන්ධන මුදල් ගෙවන ප්‍රමාණයට ගොඩබෑම සිදුකරන බවට වාර්තා වෙයි. මෙම න...

මෙරටට පැමිණ තිබෙන ඉන්ධන නැව් 05කට මුදල් ගෙවා ගොඩබා ගත නොහැකි නිසා එම නැව්වල ඉන්ධන මුදල් ගෙවන ප්‍රමාණයට ගොඩබෑම සිදුකරන බවට වාර්තා වෙයි. මෙම නැව්වලට ප්‍රමාද ගාස්තු ද ගෙවීමට සිදුවී ඇත.

පැමිණි නැව් අතර බොරතෙල් නැව් දෙකක්, පෙට්‍රල් නැවක් සහ ඩීසල් නැව් දෙකක් වෙයි. බොරතෙල් එක් නැවක් පසුගිය මස 23 වැනිදා මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් රැගෙන මෙරටට පැමිණ තිබූ අතර එම නැවට මුදල් ගෙවීම් සිදුකරන ප්‍රමාණයට ගොඩබෑම් සිදුකරමින් තිබියදී ඇණවුම් කරන ලද තවත් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවක් පහුගිය සඳුදා (19 දා) මෙරටට පැමිණ ඇත.

මීට අමතරව ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් අඩංගු නැව් දෙකක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,500 ක් රැගත් නැවක් පැමිණ තිබෙන අතර එම නැව්වලින් මුදල් ගෙවන ප්‍රමාණයට තෙල් නිකුත් කිරීම සිදුකරන බව තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග කියා සිටී.

 අතර ඇණවුම් කරන ලද ජෙට් ඒ වන් හෙවත් ගුවන් යානා ඉන්ධන මෙටි්‍රක් ටොන් 37,000 ක නැවක් 23 දා මෙරටට පැමිණීමට ද නියමිත බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.


 

No comments

Ads Place