Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංවිම වාහන 3000ක් තිබියදී තවත් 800ක් කුලියට ගනී

ලංකා විදුලි බල මණ්ඩලය සතුව වාහන 3000ට අධික ප‍්‍රමානයක් තිබියදී විශාල බදු මුදලක් ගෙවමින් වාහන 800කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් ලබාගෙන ...

ලංකා විදුලි බල මණ්ඩලය සතුව වාහන 3000ට අධික ප‍්‍රමානයක් තිබියදී විශාල බදු මුදලක් ගෙවමින් වාහන 800කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විදුලිබල මණ්ඩල ශාඛාව සඳහන් කරයි.
බොහෝ අවස්ථාවල ආයතනයේ වාහන ධාවන කිරීම නවතා දමා පුද්ගලික අංශයෙන් ලබා ගන්නා වාහන ධාවනයට යොදා ගන්නා බවත් එම ශාඛාවේ සභාපති ඩබ්.ඒ.පී. ප්‍රභාත් මහතා පැවසීය.
පෞද්ගලික අංශයෙන් ලබාගෙන ඇති වාහනවලින් සැළකිය යුතු ප්‍රමාණයකට ධාවනය වන කිලෝමීටර අනුව ගෙවීම සිදුකරන බවත් හිතවත්කම් මත වාහන ලබා ගෙන තිබෙන බවත් ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය මත පාඩුව අවම කිරීම සඳහා අනවශ්‍ය ආකාරයට පෞද්ගලික අංශයෙන් ලබාගෙන තිබෙන වාහන ඉවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි ද හෙතෙම කියා සිටීයේය.
එමෙන්ම මීට අමතරව මණ්ඩලය සතු විශාල සේවක පිරිසක් සිටියේ දී කොන්ත්‍රාත් ක්‍රමයටත් අති විශාල සේවක පිරිසක් සේවයේ යොදවා ගන්නා බව ද පැවසූ ඔහු පසුගිය වසරක කාලය තුළදී පමණක් මෙම කොන්ත්‍රාත් සේවකයන්ට රුපියල් කෝටි 200 කට අධික මුදලක් ගෙවා ඇතැයිද කියා සිටියේය.

 

No comments

Ads Place