Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'දැන් මහපොළොවේ තියෙන්නේ SJB හා JVP විතරයි -පාර්ලිමේන්තු පන්ත්‍රී මරික්කර්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. ඇත්ත වශයෙන්ම මේ දවස් වල අරගලය කරපු ...

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
ඇත්ත වශයෙන්ම මේ දවස් වල අරගලය කරපු අයට විරුද්ධව ගෙන යන මර්ධනය දිහා බැලුවහම අපිට පේන්නෙ ජනාධිපතිතුමා අරගලය තුළින්ම බලයට ඇවිල්ලා , අරගල කරුවන්ට ම මර්දනය දියත් කිරීම හරහා පෙනී යන්නේ මේක හරියට 2015 දී එතුමාව බලයට පත් කරන්න ගෙනාපු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ම ගැහුව වගේ වැඩක්. හැමදාම එතුමා බලයට පත් කළාට පස්සේ බලයට පත් කරපු අයට ගහන එක තමයි එතුමගෙ වැඩේ. පාක්ෂිකයන්ට රස්සාවල් දුන්නේ නෑ. samurdhi දුන්නේ නෑ. පාක්ෂිකයන් කලකිරීමට ලක් කලා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා සමගි ජන බලවේගය කියලා එකක් හැදුනේ. ඒ වගේම තමයි අද අරගලය තුලින් තමයි මේ ජනාධිපතිවරයා ආවෙ . එතකොට එතුමා බලයට පත් කරවපු මේ අරගල කරුවන් ගෙන් ම එතුමා පලිගැනීම, මම නම් හිතන්නේ මම දන්න විදියට මේක අලුත් දෙයක් නෙවෙයි. මේකේ එතුමාගේ විදිහ. අපි එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. දැන් එතුමා හිතන්නේ පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ හිත දිනාගන්න පුළුවන් කියලා මේ මර්දනය හරහා , ඒ හරහා මීළඟ මැතිවරණයක් දිනන්න පුළුවන් කියලා, ඒක මිථ්‍යාවක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද හේතුව තවදුරටත් මේ මහපොළොවේ සක්‍රීය දේශපාලන පක්ෂ දෙකයි තියෙන්නේ ලංකාව ඇතුලෙ. ඒ ඇවිල්ල සමගි ජන බලවේගයයි, ජනතා විමුක්ති පෙරමුණයි පමණයි. ඉතාම පැහැදිලිව. එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයක් නෑ. පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් දැන් නෑ. 69ලක්ෂයක ජනවරමක් දැන් නැහැ. ඒ නිසා දැන් ජනාධිපතිතුමා හිතනවනම් පොහොට්ටු පාක්ෂිකයාගෙ හිත දිනාගන්න පුළුවන් කියලා, පොහොට්ටු මන්ත්‍රීන් ගේ හිත දිනා ගන්න පුළුවන් කියලා, ඒ හරහා ඊළඟ මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා , ඒක වෙන්නේ නැහැ.

මං දැක්ක අර පුත්තලම් බූරුවෙක් ඉන්නේ, අර ඔක්සිජන් එපා කියපු එක්කෙනා , එයා කියල තිබ්බා , අපි පත් කරපු ජනාධිපති අපිට ඕන විදිහට ඉන්ඩ ඕන කියලා. එතකොට අපි අහනවා දැන් මේ ජනාධිපතිතුමා ඒගොල්ලොන්ට ඕන විදිහට ද මේ හැසිරෙන්නෙ කියලා ඉවරවෙලා. මොකද හේතුව එතුමා ල එකක් දැනගන්න ඕන, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නම්, අරගලය හරහා එලවපු ජනාධිපති එලවීම නීති විරෝධී දෙයක්, ඒ හරහා අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වීමත් පත්වීමත් නීති විරෝධීයි. එහෙමනම් , අරගලය නීති විරෝධී නම් , මේ ජනාධිපතිතුමා පත්වීමත් නීති විරෝධීයි . එහෙම වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන ,මානව හිමිකම් කඩ කිරීම , ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම, රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කිරීම, ත්‍රස්තවාදී පනත අයුතු ලෙස පාවිච්චි කිරීම, මේ ඔක්කොම රටකට බලපානවා. මොකද හේතුව දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණා කියලා මේ ක්‍රියාන්විතයන් ඔක්කොම වෙනවා නම් රටකට ආධාර හම්බ වෙන්නේ නෑ. ඉස්සර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕන කියලා අපි කියනකොට, සමහර පොහොට්ටු හාදයෝ ඇහුවා නේ ප්‍රජාතන්ත්‍රවාදය කන්නද කියලා ඉවරවෙලා. දැන් කෙළ උනහම තේරෙනවා නේද ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම මොකක්ද කියලා. මොකද ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවනම් තමයි පුරවැසි නිදහස තියෙන්නේ. පුරවැසි නිදහස තියෙනවා නම් තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්න පුළුවන්, ලෝක බැංකුව වෙන්න පුළුවන්, ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන්, ඒවායේ ආධාර උපකාර හම්බ වෙන්නේ. එහෙම නැතුව මර්දනය ක්‍රියාත්මක කරන , මූලික මිනිස් අයිතිවාසිකම් නැති, නීතියේ ආධිපත්‍යය නැති රටකට , ප්‍රජාතන්ත්‍රවාදය නැති රටකට මාධ්‍ය නිදහස නැති රටකට එහෙම ආධාර ලැබෙන්නේ නැහැ. ජුලියන් බෝලින් වගේ අයව, අරගල කරපු අයව, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මේ ඔක්කොමලා ගෙන්වනවා. මොකටද? බය කරන්න, කොටසක් අත්අඩංගුවට ගන්න, . එහෙම මිනිස්සු බය වෙන්නෙ නෑ. අපි එකක් පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන්නේ තව අවුරුදු දෙකයි. ජන වරමක් නැති ජනාධිපතිවරයාට තව අවුරුදු දෙකයි තියෙන්නේ. එයා ආයෙ පාරක් ඡන්දෙකින් දිනන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආයෙ පාරක් ඡන්දෙකින් ජනාධිපති වෙන්නේ නැහැ. ඒ නිසා නීති විරෝධී උපදෙස් පිලිපදින සියලු නිලධාරීන්ට අපි මතක් කර දෙන්න කැමතියි , රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ සදාකාලික ජනාධිපතිවරයා නෙමේ. අවුරුදු දෙකකින් පස්සේ අලූත් ආණ්ඩුවක් එනවා. තමුන්නාන්සේලා වැරදි වැඩ කරලා තිබ්බොත්, වගකියන්න වෙන්නේ තමුන්නාන්සේලාට. මතකනේ සිල්රෙදි නඩුවට හිටපු ලේකම් ලලිත් වීරතුංගට අනූෂ පැල්පිටට හිරේ ලගින්න වුණා . තවත් රාජ්‍ය නිලධාරීන් ගණනාවකට වැරදි උපදෙස් ක්‍රියාත්මක කරලා විවිධ නඩු වැටුනා, හිරේ වැටෙන්න සිද්ධ වුණා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට උපරිම කාලය තියෙන්නේ තව අවුරුදු දෙකයි කියන එක සියලු නිලධාරීන් මතක් කරගන්න කියන එක අපි පොඩ්ඩක් කියන්න කැමතියි.

ඒ වගේම තමයි මට තේරෙන්නේ නෑ වසන්ත මුදලිගේ වගේ ශිෂ්‍ය නායකයෙකුට මෙච්චර බය ඇයි කියලා. ඔච්චර ශක්තිමත් නායකයෝ නම්, ඔච්චර වැඩකාර නායකයෝ නම්, මේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් නම්, රටේ ණය බර පියවන්න පුළුවන් නම්, රටේ සියලු දේවල් හරි මාවතට ගෙනියන්න පුළුවන් නම්, මේ වසන්ත මුදලිගේ වගේ කෙනෙක්ව d . o ගහලා මාස තුනක් ඇතුලට දාන්න මොකටද? මට නම් තේරෙන්නේ නැහැ. ඒ නිසා මර්දනය වහාම නවත්වලා, පොහොට්ටු කාරයෝ සතුටු කරන එක නවත්තන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි පැහැදිලිව කියන්න කැමතියි එතුමා කොච්චර පොහොට්ටුවේ කට්ටියව සතුටු කෙරුවත් ඒ කට්ටිය එතුමාව පාවිච්චි කරන්නේ පාලමක් විදිහට. ගඟෙන් එතෙර වෙන්න පාලමක් විදිහට. මොකද අපිට තේරෙනවනෙ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙ තියෙන ද්විත්ව පුරවැසියා , මොළ හතේ බැසිල් රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුව පැමිණීමේ වගන්තිය පරද්දන්න ප්ලෑන් කරනවා. ද්විත්ව පුරවැසියන්ට, දැන් මේ රටේ හැම කෙනෙක්ම දන්නවා මහ බැංකුව මංකොල්ල කාපු arjun mahendran ද්විත්ව පුරවැසියෙක් , මේ රටේ ආර්ථිකය විනාස කරපු බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙක්. එතකොට මෙච්චර පාඩම් ඉගෙන ගෙන තියෙද්දී , මෙච්චර කෙලවෙලා තියෙද්දි, තවදුරටත් ද්විත්ව පුරවැසියෙක් මේ රටට ආදරේ නැහැ, ඔවුන් අනාගතේ ජීවත් වීමට නියමිත රටට තමයි ආදරේ, ඒ නිසා එවැනි අය මේ පාර්ලිමේන්තුවට හෝ රජයේ ඉහළ තනතුරු වලට සුදුසු නැහැ කියන එක ඕනෑම කෙනෙකුට තේරෙද්දී, පොහොට්ටුවේ මන්ත්‍රීලා බැසිල් රාජපක්ෂ මහත්මයා එක්ක එකතු වෙලා ඒ වගන්තිය පරද්දන්න හදනවා. එතකොට ජනාධිපති තුමාගේ විධායක බලය කෝ. ජනාධිපතිතුමාට පොහොට්ටුවෙන් ලැබෙන සහයෝගය කෝ. ජනාධිපතිතුමාට පොහොට්ටුව කට්ටිය ඉන්නවා කියන ඒ කතාව කෝ. ඒ නිසා පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙයි ඒ කණ්ඩායමේයි දේශපාලනය ඔතනින් ඉවරයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන බැසිල් රාජපක්ෂ කරන්නෙ බැසිල් රාජපක්ෂට ඕන දේ. මේ පාර්ලිමේන්තුව විකෘතියක් කියලා අපි කියන්නේ ඒකයි. ජනාධිපතිවරයාට ජනමතයක් නැහැ. ආණ්ඩුවට ජනමතයක් නැහැ. මේක විකෘති ආණ්ඩුවක්. විකෘතියක් නියෝජනය වෙන්නේ. තවදුරටත් ජනවරමක් මහපොළොවේ ඔවුන්ට නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුව වහාම විසුරුවන්න කියලා මේ ජනාධිපතිවරයාට කියන්න කැමතියි. දැන් රටේ තත්වය සන්සුන් නම්, රටේ තත්වය සාමාන්‍යයි නම්, එතුමා ල හිතනවනම් එතුමා ලා ආර්ථිකය ගොඩ දාලා තියෙනවා කියලා, එතුමන්ලා හිතනවා නම් තවදුරටත් ජනමතයක් එතුමන්ලාට තියෙනවා කියලා, මේ විකෘතිය ටෙස්ට් කරල බලන්න වහාම පාර්ලිමේන්තුව විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ජනතාවගේ ජන මතයට ඉඩ දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එහෙම කිසිසේත්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඔවුන්ට අදහසක් නැත්නම් අපි රටේ ප්‍රධාන විපක්ෂය හැටියට වහාම මැතිවරණයක් ඉල්ලලා ගමින් ගමට , නගරයෙන් නගරයට ජනතාව පෙළගස්වන්න සූදානම් කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ වගේම එතනින් තමයි ජනවරමේ රැල්ල ආරම්භ වෙන්නේ කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන.

– Media unit

 

No comments

Ads Place