Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිසිදු චූදිතයෙක් වෙනුවෙන් පෙනී සිටියෙ නෑ- නීතිඥ සංගමය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෑතකාලීන ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරමින් එම සංගමයේ නීතිඥවරු පිරිසක් අද දිනයේ ලිපියක් බාර දී තිබේ. කොළඹ පිහිටි නීතිඥ ස...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෑතකාලීන ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරමින් එම සංගමයේ නීතිඥවරු පිරිසක් අද දිනයේ ලිපියක් බාර දී තිබේ.

කොළඹ පිහිටි නීතිඥ සංගමය ප්‍රධාන කාර්යාලයට ගොස් මෙම ලිපිය භාරදී ඇත.

මෙරට ඇති වූ කලබලකාරී වාතාවරණය වැඩිවීමටද නීතීඥ සංගමයේ හැසිරීම යම් ප්‍රමාණයකට හේතු සාධක වූ බව එම ලිපිය බාර දුන් නීතිඥයෝ පැවසූහ.

යම් අපරාධ චූදිතයන් අධිකරණය ඉදිරියට පැමිණි පසු ඇතැම් නීතිඥයන් අත්පුඩි ගසා පිළිගැනීම වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනි බවත් ඔවුන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් එම ලිපියෙන් යෝජනා කර ඇත.

නීතිඥ සංගමය ලෙස කිසිම චූදිතයෙක් වෙනුවෙන් පෙනී නොසිටි බවද එහිදී ඔවුන් සඳහන් කළ බවත් එම නීතීඥ පිරිස මාධ්‍ය වෙත කියා සිටියහ.

 

No comments

Ads Place