Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කංචනගෙන් චම්පිකට අභියෝගයක්..

කතාබහට ලක්ව ඇති ඉන්ධන ආනයන ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව නව පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමා...

කතාබහට ලක්ව ඇති ඉන්ධන ආනයන ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව නව පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

එහිදී එම කාරක සභාව පිහිටුවා එහි සභාපතිත්වය විපක්ෂයට ලබාදිය යුතු බව ජනාධිපතිවරයා හා සාකච්ජා කල බවත් ඒ අනුව මෙම ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව දිගින් දිගටම දැනුවත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එහි සභාපතිත්වයට පත්කළ යුතු බවත් ඒ මහතාඅවධාරණය කරන ලදී.

ඒ අනුව ඉන්ධන ආනයනයේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව අධික්ෂණය සිදුකිරීම සඳහා නිර්මාණය කරනු ලබන එම නව කාරක සභාවේ සභාපතීත්වය දරමින් එය මෙහෙයවීමට පාඨලී චම්පික රණවක මහතා කැමැත්ත පළකරනු ලැබීය.

එමෙන්ම ඒ මහතා කංචන විජේසේකර මහතා අමතා වැඩිදුරටත් පවසා සිටියේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොව විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත්ය

 

No comments

Ads Place