Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'රාජකාරියක් නැති රාජ්‍ය සේවකයන් බරක්' - රාජ්‍ය පරිපාලන ලේකම්

නිශ්චිත රාජකාරියක් නොමැති රාජ්‍ය සේවකයන් තවදුරටත් නඩත්තු කිරීම ගැටලු සහගත වී ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත...

නිශ්චිත රාජකාරියක් නොමැති රාජ්‍ය සේවකයන් තවදුරටත් නඩත්තු කිරීම ගැටලු සහගත වී ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පි.කේ. මයාදුන්න මහතා සඳහන් කරයි.

ක‍්‍රමවේදයකින් තොරව රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම හරහා රාජ්‍ය සේවක අතිරික්තයක් දැනට පවතින බවත් සඳහන් කළේය.

දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“විදිමත්ව බඳවා ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කරපු අවස්ථා තියෙනවා. නිශ්චිත තනතුරකට ඇබෑර්තු නෑ හැබැයි රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා නම් බඳවා ගන්නවා. ඒ විදියට සමහර වෙලාවට සංස්ථා, මණ්ඩල කියන ඒවායේ දී මේ කාර්ය මණ්ඩල සංඛ්‍යාව නොසලකා යම් යම් අධිකාරී විසින් බඳවා ගෙන තියෙනවා වරින් වර. කම්කරු, කාර්ය කාරක සහායක වගේ තනතුරු ඇරුණහම අනෙක් ඔක්කෝම එන්න ඕනේ තරග විභාගවලින්. මුළු රාජ්‍ය සේවයෙන් තුනෙන් එකක් ඉන්නේ ඒ කැටගරි එකේ. අපි තුනෙන් එකක් නඩත්තු කරන්නේ මේ කියන රියදුරු, කම්කරු, සහායක කියන ප්‍රමාණය. මේවා තවදුරටත් මෙහෙම නඩත්තු කරන්න බෑ. අපි අවුරුද්දකට රාජ්‍ය වැටුප් සම්බන්ධයෙන් ත්‍රිලියනයක් භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා. ස්ථීර වශයෙන්ම අපි හැමෝම දන්නවා මේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම නිකන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා පේනවා. ඒකට හේතුව තමා නිශ්චිත තනතුරක් නැතුව බඳවා ගත්තු ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ ඉන්නවා. සමස්තයක් විදියට ගත්තහම මේකෙන් තුනෙන් එකක් අඩුවෙන් වුණත් මහජන සේවය පවත්වන්න මේ රාජ්‍ය සේවයට බැරිකමක් නෑ.”

 

No comments

Ads Place