Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පහසුකම් සියල්ල සකසා අවසන්..ගෝඨාභය නුදුරේදීම ලංකාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයෙකුට හිමි පහසුකම් සියල්ල මේ වන විට පිළියෙල කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයෙකුට හිමි පහසුකම් සියල්ල මේ වන විට පිළියෙල කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉතා නුදුරු දිනයක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටෙන් පිට වූයේ සුන්දර පරිසරයක නොවන බවද පැවසූ ඔහු ඒ මහතා මෙරටට පැමිණීමේදී අවශ්‍ය ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙකුට සුදුසු පහසුකම් සැපයීම සිදු කළ යුතු දෙයක් බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

 

1 comment

  1. He shouldn't give any facilities as he is only a failed Prez, and made the country a full messed up. Made no middle class, but the lower class. Such a person who hasn't done anything to uplift this country should be arrested on arrival.

    ReplyDelete

Ads Place