Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලකරුවන්ගේ කූඩාරම් ගලවා බේරෙ වැවට දාලා.

ගාලු මුවදොර අරගලකරුවන් සතුව තිබූ රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුතු භාණ්ඩ පොලිසිය භාරයේ ඇතැයි අරගලකරුවන් කියා සිටිති. පසුගිය 22 දා සිට මෙම...

ගාලු මුවදොර අරගලකරුවන් සතුව තිබූ රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුතු භාණ්ඩ පොලිසිය භාරයේ ඇතැයි අරගලකරුවන් කියා සිටිති.

පසුගිය 22 දා සිට මෙම භාණ්ඩ තොගය රැගෙන ගොස් ඇතැයි අරගලයේ පරපුර සංවිධානය සඳහන් කරයි.

ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට අරගල කරුවන් යළි ලබා දීමට මෙතෙක් කටයුතු කර නැතැයි ද එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් නානායක්කාර මහතා පැවසීය.

මෙසේ රැගෙන ගොස් ඇති භාණ්ඩ අතර ලැප්ටොප් පරිගණක, කැමරා ඇතුළු අනෙකුත් උපාංග, යතුරුපැදි ඇතුළු භාණ්ඩ රැසක් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

අරගලකරුවන් සතුව තිබූ ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, බැංකු පොත් ආදී අත්‍යවශ්‍ය ලියවිලි ද පොලිසිය මෙතෙක් ලබා දී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

අරගලකරුවන් රැඳී සිටි තාවකාලික කූඩාරම්ද ගලවාගෙන ගොස් බේරේ වැවට දමා ඇතැයිද ඔහු පැවසීය.

 

No comments

Ads Place