Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජබ දෙකඩයි..සජිත් අවුලක..ලොක්කන්ද විරුද්දයි

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සිදුවන සාකච්ඡා මත සමගි ජනබලවේගය දෙකඩ වීමේ තත්වයක් පැන නැගී තිබේ. එම ගැටුම නියෝජනය කරන එක් පාර්ශවයක් පවසන්නේ සර්වපා...

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සිදුවන සාකච්ඡා මත සමගි ජනබලවේගය දෙකඩ වීමේ තත්වයක් පැන නැගී තිබේ.

එම ගැටුම නියෝජනය කරන එක් පාර්ශවයක් පවසන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්ව ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බවයි.

නමුත් අනෙක් පිරිස පවසන්නේ නිශ්චිත කාල රාමුවක් නැති අන්තර්වාර පාලනයක් පිළිබඳ අදහසක් නැති සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු නොවිය යුතු බවයි.

පක්ෂය සර්ව පාක්‍ෂික ආණ්ඩුවට එකඟ වන්නේ නම් පාර්ලිමේන්තුවේ ස්වාධීන විය යුතු බවද එම කණ්ඩායමේ අදහස වී ඇත.

ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයන් සමනය කිරීම සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවතී ඇති නමුත් මේ වන තෙක් එම තත්ත්වය සමනයට පත් වූ බවක් වාර්තා නොවේ.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා දරණ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ අදහස් දරන කණ්ඩායමේ එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් වැඩි පිරිසක් සිටින බවද වාර්තා වේ.

 

No comments

Ads Place