Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරා අපරාධ වෙන්නේ අරගලයේ ප්‍රතිඵල ලෙසයි- පා.ම. සහන්

අද වන විට රට පුරා සිදුවෙමින් පවතින විවිධ අපරාධයන් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ඒවා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප...

අද වන විට රට පුරා සිදුවෙමින් පවතින විවිධ අපරාධයන් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ඒවා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පොලිසියේ හා යුද හමුදාවේ නිලධාරීන් පසුගිය දින වල හෑල්ලුවට ලක්වූ බවද ඔහු පැවසීය.

එසේම රටේ නීතිය හා සාමය විනාශ වූ බවද පැවසූ ඔහු ආරක්ෂක අංශවලට රට පාලනය කරගැනීමට නොහැකි කම පෙන්වා දෙන කණ්ඩායම් මෙම අවස්ථාවේදී ප්‍රයෝජන ගන්නා බවද සදහන් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place