Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එක රටක් එක නීතියක් වාර්තාව පිලිගන්නේ නෑ - ජනපති කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබූ ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව තමා පිළිගන්නේ නැතැයි ජනාධිපති ර...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබූ ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව තමා පිළිගන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසුවේ ජනාධිපතිවරයා තම පක්‍ෂය සමග පැවති සාකච්ඡාවක දී ඒ බව පැවසූ බවයි.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා නොකරන බව ජනාධිපතිවරයා පැවසූ බවද හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවන ලද්දේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ගේ සභාපතිත්වයෙන් යුතුවයි.

 

No comments

Ads Place