Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය ඇමතිවරු 30ක්..හිටපු රාජ්‍ය ඇමතිලාද ඉල්ලයි

මීළඟ කැබිනට් මණ්ඩලය පිහිටුවීමට පෙර රජය විසින් රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනෙකු පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එය සිදුවනු ඇත්තේ...

මීළඟ කැබිනට් මණ්ඩලය පිහිටුවීමට පෙර රජය විසින් රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනෙකු පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එය සිදුවනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට අනුවයි.

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුගියදා ජනාධිපතිවරයා හමුව ඇත.

ඔවුන්ගෙන් 40 දෙනෙකු පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා පත් කිරීමට සූදානම් වන්නේ 30 දෙනෙකු පමණි.

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සැප්තැම්බර් මුල් සතියේදී සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

 

No comments

Ads Place