Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

22 සංශෝධන ක්‍රියාවලිය මගින් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණයක් ??

කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ. ගරු කථානායකතුමා ශ්‍රී ල...

කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ.

ගරු කථානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.
ගරු කතානායකතුමනි

22 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මගින් පාර්ලිමේන්තුව තුළ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණයක් සිදු කිරීමේ අනතුර පිළිබඳව

මේ වන විට ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් 22වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. නමුත් යම් වෙනස්කම් සහිතව අවස්ථා දෙකකදී ගැසට් කරන ලද එම කෙටුම්පතට විවිධ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන යෝජනා ඇතුළත් කර නොමැති බවට අදහස් ඉදිරිපත් වී ඇත. සර්වපාක්ෂික එකඟතාවයක් සඳහා ආණ්ඩුව විසින් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන තත්ත්වයක් යටතේ එසේ දේශපාලන පක්ෂවල යෝජනා සැලකිල්ලට නොගැනීම බරපතළ දේශපාලන වරදක් බව අපගේ පිළිගැනීමයි. ඊට අමතරව දැන් එම වරද නිවැරදි කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන විකල්ප ක්‍රමවේදය මගින් ඊට වඩා බරපතළ වරදක් සිදුවීමේ හැකියාව තිබෙන බව ඔබතුමාට දැනුම් දීමට කැමැත්තෙමු.

එම විකල්ප විසඳුම් අනුව පාර්ලිමේන්තුවේ තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ දී දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන සංශෝධන කෙටුම්පතට ඇතුල් කිරීමට ඉඩ ලැබෙනු ඇත. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට පසුව පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් සම්මත කිරීමේදී කාරක සභා අවස්ථාවේදී දියත් වූ මෙහෙයුම ප්‍රජාතන්ත්‍රවාදයේ බලවත් විකෘතියක් පවා ඔබතුමා පිළිගන්නවා ඇත. එහිදී අධිකරණය පවා නොමඟ යවමින් අධිකරණයේදී එකඟ වූ සංශෝධන බව වෙනස්කම් සහිතව යෝජනා කර සම්මත කරනු ලැබීය. ඊට අමතරව කෙටුම්පතේ අඩංගු නොවූ මහජනයා නොදන්නා සංශෝධන විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට පවා ලිඛිතව ලබා නො දී කලබලකාරී සහ බලහත්කාරී ලෙස සම්මත කළ ආකාරය ඔබතුමාට මතක ඇත.

එවැනි තත්ත්වයක් තුළ යෝජිත 22 වැනි සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස සම්මත කිරීමේදී විශාල සංශෝධන ප්‍රමාණයක් අතරට යම් බෙදුම්වාදී සංශෝධන එනම් 13වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සුළු සංශෝධන කිහිපයක් ඇතුළු කිරීමේ අනතුරක් මතුවේ. අප විසින් එවැනි සැකයක් සහ ඒ මත පදනම්ව චෝදනාවක් මතු කරනු ලබන්නේ පහත සඳහන් හේතු කාරණා නිසා බවද ඔබතුමාට දැනුම් දීමට කැමැත්තෙමු.

1’අධිකරණ අමාත්‍යවරයා විසින් දේශපාලන පක්ෂවල යෝජනා කෙටුම්පතට ඇතුල් නොකර විශාල සංශෝධන ප්‍රමාණයක් කාරක සභා අවස්තාවේදී ඇතුළු කිරීමට ක්‍රියා කිරීම.

2’ගරු එම්.ඒ. සුමන්තිරන්, විග්නේෂ්වරන් සහ ආර්.සම්බන්ධන් යන මන්ත්‍රීවරුන් විසින් විවිධ අවස්ථාවල පළකරන ලද අදහස් අනුව ජනාධිපති අපේක්ෂකවරුන් වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරන බවට පොරොන්දු ලබා දී ඇත.

3’එම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානතම අපේක්ෂාව සහ ඉල්ලීම 13වැනි ව්‍යවස්තා සංශෝධනය බලාත්මක කිරීම ය. ඒ සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පනවන ලද 154 වගන්තියට අදාල ව්‍යවස්ථාමය බාධක 4ක් පමණ ඉවත් කිරීමට සිදුවේ.

4’සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද අප විසින් ශේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර අත්හිටුවූ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සංශෝධන දෙකක් එනම් 154 වගන්තියේ අඩංගු වූ බාධක දෙකක් ඉවත් කිරීම සඳහා වන සංශෝධන අඩංගු වීම සහ එම කෙටුම්පත එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් සකස් කළ බව ප්‍රකාශ වීම.

ඒ අනුව 22වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ඉතා කූඨ ලෙස 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සුළු සංශෝධන කිහිපය ඇතුළු කිරීමේ පැහැදිලි ඉඩක් තිබෙන බව ඔබතුමා පිළිගන්නවා ඇත.

එවැන්නක් සිදුවුවහොත් ජාත්‍යන්තර මැදිහත්වීම මත ශ්‍රී ලංකාව බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්වන බව සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වන බව ඉතා පැහැදිලිය.

එම නිසා පළමුවෙන්ම ඔබතුමා කතානායක තනතුරේ අසුන් ගෙන සිටිය දී නැවත නිවැරදි කළ නොහැකි එවැනි මහා ඓතිහාසික පාවාදීමකට ඉඩ ලබා නොදෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඊට අමතරව එවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා පහත සඳහන් පියවර ගන්නා ලෙස අප ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

1’නීතිපතිවරයා විසින් අධිකරණයේදී එකඟවන සංශෝධන සංකල්ප වශයෙන් නොව නිශ්චිත වගන්ති ලෙස පනත් කෙටුම්පත විවාදයට ගැනීමට සති 2කට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ මහජනයාට ලිඛිතව ලබා දීම.

2’ඊට අමතරව දේශපාලන පක්ෂ විසින් යෝජනා කරනු ලබන සහ ආණ්ඩුව විසින් පිළිගන්නා සංශෝධන සියල්ල දෙවන වර කියවීම ට සති දෙකකට පෙර මන්ත්‍රීවරුන්ට සහ පොදු මහජනතාව ලිඛිතව ලබා දීම.

3’මහජනයාගේ පරමාධිපත්‍යයට බලපෑම් එල්ලවිය හැකි රටේ උත්තරීතර නීතිය සංශෝධනය කිරීම සෙසු පනත් සම්මත කිරීමට වඩා බරපතළ කරුණක් වන බැවින් එවැනි සංශෝධන කාරක සභා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් අනුකම්පාවට යටත් කළ නොහැකි බැවින් එම සංශෝධන පිළිබඳව මහජනයා පූර්වගාමීව දැනුවත් කළ යුතු බව දේශපාලන ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනීම.

4’ඉහත පිළිගැනීමට ගරු කරමින් අධිකරණ තීන්දුව ලැබුණු සැනින් දෙවන වර කියවීමේ විවාදය ආරම්භ නොකර ලිඛිතව ලබා දෙන සංශෝධන පිළිබඳව මන්ත්‍රීවරුන් සහ මහජනයා අතර සංවාදයට ඉඩ සැලසීම සඳහා ඉහත සඳහන කළ ආකාරයට සති දෙකක කාලයක් ලබාදීම.

5’කාරක සභා අවස්ථාවේදී එසේ ලිඛිතව පූර්වගාමීව ප්‍රකාශයට පත් කරනු ලබන සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් කෙටුම්පතට ඇතුළත් නොකරන බවට අධිකරණ අමාත්‍යතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් මහජනයාට ප්‍රතිඥාවක් ලබාදීම.

ඔබතුමාට තෙරුවන් සරණයි

මේ වගට

ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

 

No comments

Ads Place