Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේ අස්ථාවරත්වය IMF සාකච්ඡා වලට බාධාවක්

රට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා වලට බාධා වනු ඇතැයි මහ බැංකුවේ නන්දලාල් වීරසිංහ මහතා ස...

රට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා වලට බාධා වනු ඇතැයි මහ බැංකුවේ නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

රොයිටර් පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙරට ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ස්ථාවර දේශපාලන තත්ත්වයක් අවශ්‍ය වනු ඇති බවයි.

එම තත්ත්වය කඩිනමින් ඇති විය යුතු බවත් එතුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පහසු බවත් හෙතෙම කියා සිටී.

මෙරට ආර්ථික අර්බුදය විසඳා ගතහොත් ඉන්ධන ගෑස් සහ අනිකුත් අර්බුද විසඳා ගැනීමට හැකිවනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම ඉන්දියාව සමග ඩොලර් බිලියනයක මූල්‍ය හුවමාරුවක් සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් එම තවදුරටත් කියා තිබේ.

 

No comments

Ads Place