Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද අරගලයේ ඉන්නේ පිස්සන් හා කුඩුකාරයන් විතරයි - ඇමති ප්‍රසන්න

අද වන විට අරගල භූමිය සිටින්නේ පිස්සන් හා කුඩුකාරයන් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ජනාධිපති...

අද වන විට අරගල භූමිය සිටින්නේ පිස්සන් හා කුඩුකාරයන් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවලට අත්සන් යොදා ඇති පිරිසකගෙන් රටට කුමන විමුක්තියක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

අරගලකරුවන්ගේ මෙම අශීලාචාර හැසිරීම මෙරට පීඩනයට පත්ව සිටින ජනතාව කිසි විටෙක බලාපොරොත්තු නොවුණු බවත් දැන් ජනතාවට අරගල කරුවන් ගේ පිස්සු වැඩ නිසා අරගලය පවා එපා වී ඇති බවත් ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.

 

No comments

Ads Place