Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හයකට ඇමතිකම්..ප්‍රබලයන් ඒ අතර

ඉදිරි දෙසතියක කාලය ඇතුළත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව කැබිනට් ඇමතිවරු තිහක් සහ රාජ්...

ඉදිරි දෙසතියක කාලය ඇතුළත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව කැබිනට් ඇමතිවරු තිහක් සහ රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට සැලසුම් කර ඇත.

එම සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා වූ සාකච්ඡා දේශපාලන පක්ෂ සමග මෙන්ම අරගලකරුවන් සමගම සිදු කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

ඊයේ දිනයේ පත් කරන ලද ඇමතිවරු 18 දෙනාට අමතරව තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනකු ඒ අනුව පත් වනු ඇති අතර සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් පිරිසකටද ඇමතිකම් හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.

රිෂාද් බදුර්දීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොණ්ඩමන් වැනි පක්ෂ නායකයන් ද ඒ අතර සිටින බව ද වාර්තා වී ඇත.

මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා යටතේ ම තබා ගැනීමට තීරණය වී ඇත.

 

No comments

Ads Place