Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙල් සංස්ථාව කුණු කොල්ලයට විකුණන්න සූදානම්- විපක්ශ නායක

අපේ රටේ ඇති තෙල් පිරිපහදුව සක්‍රීයව ක්‍රියාත්මක කිරීම තුළ 16% සිට 24% දක්වා ලාභයක් අත්කර ගත හැකිව තිබියදී එකී තෙල් පිරිපහදුව වසා දැමීම රාජ්‍...

අපේ රටේ ඇති තෙල් පිරිපහදුව සක්‍රීයව ක්‍රියාත්මක කිරීම තුළ 16% සිට 24% දක්වා ලාභයක් අත්කර ගත හැකිව තිබියදී එකී තෙල් පිරිපහදුව වසා දැමීම රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බවත් ඒ සඳහා කුමන හේතු තිබුණත් විවිධ පාර්ශ්වයන් කුමන මත ඉදිරිපත් කලත් ජාතික සම්පතක් වන අපේ රටේ ඇති තෙල් පිරිපහදුවත් තෙල් සංස්ථාවත් ආරක්ෂා කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් බවත් විපක්ෂ නායකවරයා (23) ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ පැවසීය.

එසේම තෙල් සංස්ථාවට හිමි විය යුතු රුපියල් බිලියන 90ක මුදලක් ගෙවා නැති බවත් තෙල් සංස්ථාවේ ආදායම මහාභාණ්ඩාගාරය ලබා ගෙන ඇති බවත් විවිධ රජයන් යටතේ ලබාදුන් සහනාධාර ප්‍රතිපූර්ණ නොකිරිම නිසා රුපියල් බිලියන 600ක පාඩුවක් සිදුව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කිය සිටියේ මෙවන් තත්ත්වයත් පැවතිය දී තෙල් සංස්ථාව පාඩු ලබන බවට පැවසීම වැරදි බවද පැවසීය.

එසේම මේ අවස්ථාවේ මේ ජාතික සම්පත කුණුකොල්ලයට විකිනීමට උත්සාහ කරන බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රසම්පාදනයෙන් තොරව තෙල් ගෙන්වීම නිසා රජයට කෝටි ප්‍රකෝටි ගණනින් පාඩු සිදුව ඇති බවයි. එසේම කොමිස් ගහන අය සහ ඩොලර් වංචා කරන අය මෙන්ම බලවත් පවුල්වල අය තෙල් මාෆියාවේ එ්ජන්තවරුන් බවට පත්ව ඇති බවත් ඉදිරියේදී සමගි ජන බලවේගයේ ජනතාවාදී රජයක් තුළ මේ තෙල් මාෆියාව සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


එමෙන්ම ව්‍යාජ තොරතුරු මත පදනම්ව තෙල් සංස්ථාව වැසිය යුතු බවට සිදු කරන ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් පාඩු ලබන ආයතනයක් තිබේ නම් එය වසා නොදමා ලාබ ලබන එ්කාබද්ධ ව්‍යාපතීයක් හරහා ලාභ ලැබීම බවත් එසේ නොකර ජාතික සම්පත් අලෙවි කිරීම සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.


– Media unit

 

No comments

Ads Place