Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති අපේක්ශකයන් රනිල්, ඩලස්, අනුර

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වී තිබේ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ල...

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වී තිබේ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක යන මහත්වරුන් ඒ සඳහා නාම යෝජනා ස්ථිර කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන ලද්දේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානයක්කාර එය ස්ථිර කළේය.
ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන ලද්දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් මහතා විසින් එය ස්ථිර කළේය.
අනුර දිසානායක මහතාගේ නම යෝජනා කළේ විජිත හේරත් මහතා විසින් වන අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසුරිය මහත්මිය විසිනි.

 

No comments

Ads Place