Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිග මුදල් ගෙවන තුරු නැවත ඉන්ධන ලබා දෙන්නේ නෑ - සැපයුම්කරුවන් කියයි

තමනට ගෙවීමට ඇති හිග මුදල් ගෙවන ආකාරය පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන තුරු ශ‍්‍රී ලංකාවට ඉන්ධන සැපයීමක් සිදු කිරීමට අපහසු බව මෙරටට ඉන්ධන සපයන ජා...

තමනට ගෙවීමට ඇති හිග මුදල් ගෙවන ආකාරය පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන තුරු ශ‍්‍රී ලංකාවට ඉන්ධන සැපයීමක් සිදු කිරීමට අපහසු බව මෙරටට ඉන්ධන සපයන ජාත්‍යන්තර සැපයුම්කරුවන් රජයට දන්වා ඇතැයි වාර්තා වේ.

එම ඉන්ධන සැපයුම් කරුවන් හත් දෙනෙකුට ගෙවීමට ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 655 කි.

අදාල මුදලින් ඩොලර් මිලියන 300ක් පමණ එක් සමාගමකට ගෙවීමට ඇති අතර ඉතිරි මුදල් ප්‍රමාණයක් සෙසු සැපයුම්කරුවන් හය දෙනකුට ගෙවීමට ඇත.

ඉතා කුඩා වාරික වලින් හෝ හිග මුදල් පියවීමට රජය එකඟ වන්නේ නම් තෙල් සැපයුම නැවත ආරම්භ කිරීමට සැපයුම්කරුවන් සූදානම් බවදය සැපයුම්කරුවන් දැනුම් දී තිබේ.

 

No comments

Ads Place