Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජපක්ශ පවුල පන්නා දමා රට සංවර්ධනය කරනවා - විපක්ශ නායක

පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම...

පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බවත් ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැළකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය වැනි බිල්ලන් මවා ජාතික ආරක්ෂාව ලෙස ඔවුන් මිලිටරිකරණය හැඳින්වූ අතර ඒ හේතුව නිසා ජාතික ආරක්ෂාවේ සැබෑ අර්ථය වන අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නැති වී ඇති බවත් මේ හේතුව නිසා විදෙස් රටවලින් ආධාර ඉල්ලා හිඟා කෑමේ තත්ත්වයට රට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙකී හිඟා කෑම තුළ අප රටේ සම්පත් දැවැන්ත අවධානමකට ලක්ව ඇති බවයි. එසේ ම එම අවධානම හමුවේ ද මොවුන් සොරකම, වංචා දුෂණය ආදිය සිදු කරමින් යන බවද පැවසීය.

එබැවින් මෙවැනි තත්ත්වයක් රටට උදා කළ වත්මන ආණ්ඩුව සමඟ කිසි සේත්ම හවුල් පාලනයක් ගෙන නොවන බවත් එසේ සිදු කළහොත් එය ජනතා අරගලය පාවා දීමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා, රාජපක්ෂ පවුල සහ වංචා දූෂණවලට ලක්වූ පිරිස් පළවා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කර සහභාගීත්ව සංවර්ධනයක් රට තුළ ස්ථාපිත කරන බවයි. එකී සහභාගීත්ව සංවර්ධනය තුළින් ජනතාවටද රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී විය හැකි රාජ්‍ය සභාවක් ඇති කර එය මසකට වරක් සක්‍රීය කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම වත්මන් ආණ්ඩුවේ සිටින දූෂණ, වංචා චෝදනා නැති අවංක ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් කිහිප දෙනකු සිටින බවත් ඔවුන් සමඟ සහයෝගයෙන් ඉදිරියේ දී වැඩකිරීමට සූදානම් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ වල පක්ෂවල නායකයින් මුණගැසී ඔවුන් සමඟ සාකච්ඡා කරන සාකච්ඡා මාලාවේ දෙවැන්න විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි

 

No comments

Ads Place