Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවට අපේ මන්ත්‍රීවරුන් බිලි බා ගන්නවා - රාජිත

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරය...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කියමින් මෙම කටයුත්ත සිදු වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා ජනතා ආශිර්වාදයක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ දී එහි මූලය ජනතා හිතවාදී විය යුතු බවත් මූලය ජනතා විරෝධී වන්නේ නම් ඊට එකතු වන සියලු මන්ත්‍රීවරුන් ජනතා විරෝධී වන බවත් සේනාරත්න මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේය

 

No comments

Ads Place