Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් 8 දෙනෙකුට අගමැතිකම 54කට කැබිනට් ඇමතිකම් දෙනවා කියලා..

එලඹෙන බදාදා දින පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්ත...



එලඹෙන බදාදා දින පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනකුට අගමැතිකම ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර තවත් මන්ත්‍රීවරුන් 54කට කැබිනට් ඇමතිකම් දෙනවා යනුවෙන් පොරොන්දු වී ඇති බව වාර්තා වේ. මේ හැරෙන්නට  අනෙකුත් සියලු දෙනාට රාජ්‍ය ඇමතිකම් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිධුරයට හිමිකම් ඇත්තේ එක් අයකුට පමණක් වන අතර කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව තිහකටත් රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව හතළිහකටත් සීමාවේ. ඊයේ දින  පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ⁣පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතර තැන් තැන්වල පැන නැගුණු සාකච්ඡාවලදී රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති මෙම පොරොන්දු පිළිබඳ හෙළිදරව් වී ඇති අතර එමගින්  මන්ත්‍රීවරු බහුතරයක් අතර තමන් රවටා ඇති බවට දැඩි සැකයක් මතුව ඇත. අගමැතිකම ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරු අතර දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන ද සිටින බව වාර්තා වේ. 


මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙපළක් වන ප්‍රසන්න රණතුංග සහ නිමල් ලන්සා, රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදේ යැයි සැක කරන පො⁣හොට්ටු මන්ත්‍රීවරුන් අමතා මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාදෙන බවට දුරකථන ඇමතුම් ලබාදී ඇත. මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙම දුරකථන දුරකථන ඇමතුම් පටිගත කර ඇති අතර ඒවා මේ වන විටත් වෙනත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු අතට මෙන්ම අරගලයේ ක්‍රියාකාරිකයන් පිරිසක් අතට ද පත්ව ඇත. 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 19 වගන්තියට අනුව  පනත අනුව මෙයාකාරයෙන් "පාර්ලිමේන්තු ජනාධිපතිවරණයක" දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම යම් අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය අහිමි වීමට මෙන්ම ඔහු ජයග්‍රහණය කළද ජනාධිපති ධුරය අහිමි වීමට ද හේතුවකි. 


මේ දුරකථන පටිගත කිරීම් මේ වන විටත් ජනාධිපති නීතිඥ කණ්ඩායම් කිහිපයක් විශ්ලේෂණය කරමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඇරඹීමට ද පියවර ගෙන ඇත. එමෙන්ම ලබන බදදා ජනාධිපතිවරණයට පෙර එම දුරකථන ඇමතුම් මාධ්‍ය සඳහා නිකුත්  කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

No comments

Ads Place