Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

"ජනපති යායුතුයි" ඩලස් ඇතුළු පොහොට්ටුවේ 47ක් ඒකමතිකව තීරණය කරයි

රට තුළ තුල නිර්මාණය වෙමින් පවතින තත්වය, මහජනතාවගේ කැළඹිලි සහගත ස්වභාවය සහ ඔවුන්ගේ ඉච්ඡාභංගත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව...




රට තුළ තුල නිර්මාණය වෙමින් පවතින තත්වය, මහජනතාවගේ කැළඹිලි සහගත ස්වභාවය සහ ඔවුන්ගේ ඉච්ඡාභංගත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව ජනාධිපතිවරයකු පත් කිරීමට පාර්ලිමේන්තුවට බලය ලබාදී සාමකාමීව සහ ගෞරවනීය ලෙස සමුගත යුතු බව බව ඩලස් අලහප්පෙරුම  මහතා සමග කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 47 ක් ඊයේ සවස පැවති රැස්වීමක දී ඒකමතිකව තීරණය කර ඇත. 


පාර්ලිමේන්තු කමිටු කාමරයක මෙම  සාකච්ඡාව සිදුව ඇත.

රට ලේ ගංගාවක් බවට පත්වීමටත්, දේපළ හානි රැසක් සිදු වීමටත් හැකියාව ඇති බවත් තව කෙතරම් බලා සිටියද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රට යථා තත්ත්වයට පත් නොවන බවත් මෙම මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ දැරුවොත් අවසානයේ දී බෙදුම්වාදී බලවේග ශක්තිමත්ව රටේ ස්වෛරීභාවයට ද තර්ජනයක් වනු ඇති බව එහිදී මන්ත්‍රීවරු පෙන්වා දී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත්ව යෑමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු කණ්ඩායම්වල එකඟතාවෙන් ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයෙකු ජනාධිපතිධුරයට පත් කිරීමට ද මෙහිදී එකගතාවට පැමිණ ඇත. 


මහාචාර්ය චරිත හේරත් ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතීඥ උදේන කිරිදිගොඩ, අකිල එල්ලාවල මෙන්ම වර්තමානයේ කැබිනට් අමාත්‍ය ධුරය හොබවන තිදෙනෙකු ද මෙම සාකච්ඡාවට සහභාගි වූ අය අතර සිටි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

No comments

Ads Place