Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද රටම සරණාගත කදවුරක් - විපක්ශ නායක

ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍ර...

ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රටම සරණාගත කදවුරක් බවට පත්කොට ඇති බව කී විපක්ෂ නායකතුමා ඇලඩින්ගෙ පුදුම පහන තිබෙනවා යැයි කී ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙලිදරව් වන බවද කීය.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ගැන අගමැති ප්‍රශ්න කරන බව කී විපක්ෂ නායකතුමා වසරක කාලයක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුව තබාගෙන රාජපක්ෂලාට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළේ අගමැතිවරයා මිස සමගි ජනබලවේගය නොවන බවද කීවේය.

මිනිස්සුන්ගේ දුක් වේදනා නොදන්නා හිරිවැටුණු ආණ්ඩුව පාර්ලිමේන්තුව පුස්සක් බවට පත්කර ඇතැයිද පැවසීය.

අද විදෙස් අධිකරණ අබියස පවා රට විත්තිකරුවෙක් බවට පත් කර ඇති බව කී විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ පුණර්ජනනීය බලශක්ති නියෝජිත පිරිසක් සමග විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමක දී ය.

– මාධ්‍ය අංශය

 

No comments

Ads Place