ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය පෙරදැරිව නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට එරෙහිව එම තීරණය අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මගින් පෙත්සමක් ඉදිරිපත් කළේය.
එම පෙත්සමෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් නිකුත් කළේය .
නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය පෙත්සම මගින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හෝ මහලේකම්ට හෝ මධ්‍යම කාරක සභාවට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව තමාව පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට බලයක් නොමැති බවයි.
ඒ අනුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගත් එකී තීරණය අත්හිටුවමින් වාරණ නියෝගයක් අද නිකුත් කළේය.
No comments