Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍ය සාෆි චෝදනාවලින් නිදහස් ද? ඇත්තටම සිදු වූයේ කුමක්ද?

  වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ගේ හිඟ වැටුප ගෙවීමට තීරණය කිරීමත් සමග ඔහු නිවැරදිකරුවෙකු බවට මතය...

 



වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ගේ හිඟ වැටුප ගෙවීමට තීරණය කිරීමත් සමග ඔහු නිවැරදිකරුවෙකු බවට මතයක් ගොඩ නැගී ඇත. නමුත් සැබවින්ම මෙහිදී සිදුව ඇත්තේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍ය ඇමැති ධුරය දරද්දී සෞඛ්‍ය නිලධාරීන් සිදු කළ වරදක් නිසා ඔහුගේ වැටුප ගෙවීමට නියෝගයක් ලැබීමයි. මෙවැනි වරදකට චෝදනා එල්ල වූ විට සාමාන්‍යයෙන් සිදු කරන්නේ වෛද්‍යවරයකුගේ වැඩ තහනම් කිරීම වුවද මෙහිදී සිදු කර ඇත්තේ වෛද්‍ය සාෆිව සේවයෙන් අනිවාර්ය නිවාඩු යැවීම පමණි. එසේ සිදු කර නිශ්චිත කාල සීමාවක් ඇතුළත මූලික පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව රාජ්‍ය සේවා කොමිසන් සභාවට යැව්වේ නැතිනම් ඔහුගේ වැටුප ලබා දිය යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සිදුකර ඇත්තේ සාෆිව අනිවාර්ය නිවාඩු යැවීමක් පමණි. වැඩ තහනම් කර නැත. මෙහිදී සාෆි වෛද්‍යවරයාට අදාළ වන පූර්ණ පරීක්ෂණයක් සිදු නොකිරීමත්, සිදුකර ඇති මූලික විමර්ශන වාර්තාව හෝ නිසි පරිදි රාජ්‍ය සේවා කොමිසමට නොයැවීමත් නිසා ඔහුගේ හිඟ වැටුප ගෙවීමට සිදුව ඇත. 


ඉන් අදහස් වන්නේ සාෆි ට එල්ල වූ චෝදනා වලින් ඔහු නිවැරදිකරුවෙකු යන්න නොවේ. මූලික පරීක්ෂණ වාර්තාව රාජ්‍ය සේවා කොමිසමට යැවීමත් එල්ල වී ඇති චෝදනා  සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමත් කළ යුතුය. මෙතෙක් කලක් මූලික විමර්ශනය සඳහා පැමිණිය නොහැකි බව දන්වමින් මගහැර සිටි වෛද්‍ය සාෆි අභියාචනාධිකරණයට දන්නවා ඇත්තේ දැන් තමන් මූලික විමර්ශනයට එකඟ බවයි.

No comments

Ads Place