Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් වලට පමණක් ඉන්ධන දෙන පිරවුම්හල් අරින්නැයි දන්වයි

රටපුරා සඟවා ඇති විදේශ සංචිත මුදල් පිටතට ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම විදෙස් මුදල් වලින් ගණුදෙනු කළ හැකි ඉන්ධනහල් විවෘත කරන ලෙස පාර්ලිමේන්ත...

රටපුරා සඟවා ඇති විදේශ සංචිත මුදල් පිටතට ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම විදෙස් මුදල් වලින් ගණුදෙනු කළ හැකි ඉන්ධනහල් විවෘත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

විදේශ මුදල් වලට පමණක් ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් ඉන් සැලකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් සොයාගත හැකි වෙතැයි ද මන්ත්‍රීවරයා ලිඛිතව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

විවිධ පුද්ගලයන් සතුව විදේශ මුදල් සඟවාගෙන සිටි නිසා එම මුදල් පිටතට ගැනීම සඳහා මෙම යෝජනාව ගැන සලකා බලන ලෙස ඔහු ඉල්ලා ඇත.

 

No comments

Ads Place