Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාෆි නිදහස් කලායැයි බොරු ප්‍රවෘත්ති පල කිරීම් ගැන සාක්ෂි ඉදිරිපත් කරන්න - කුරුණෑගල මහේස්ත්‍රාත්

  කැමැත්ත නොමැතිව ගැබිනි මවුවරුන්‌ වඳ භාවයට පත්‌ කිරීම හා ඒ සඳහා පෙළඹවීම ඇතුළු චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු සිහබ්ඳදීන්‌ මොහොමඩ්‌ සාෆි නමැ...

 


කැමැත්ත නොමැතිව ගැබිනි මවුවරුන්‌ වඳ භාවයට පත්‌

කිරීම හා ඒ සඳහා පෙළඹවීම ඇතුළු චෝදනා එල්ල වී

ඇති වෛද්‍ය සෙයිගු සිහබ්ඳදීන්‌ මොහොමඩ්‌ සාෆි නමැත්තා

තම අධිකරණය විසින්‌ නිදොස්‌ කොට නිදහස්‌ කර ඇති

බවට මාධ්‍ය මගින්‌ අසත්‍ය ප්‍රවෘත්ති පළ කර ඇති බව

'සනාථ කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි අධිකරණයට ඉදිරිපත්‌

'කරන ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත්‌ බන්දුල ගුණරත්න

මහතා ඊයේ (24 දා) අගතියට පත්‌ පාර්ශ්වයට නියෝග කළේය 


එම සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ

පවතින නඩුවේ විමර්ශන මේ දක්වා අවසන්‌ වී හෝ නඩු විභාගය අවසන්‌ කර නොමැතිව තිබියදීත්‌ ඇතැම්‌ ජනමාධ්‍ය මගින්‌ "සියලු චෝදනා ඔප්පු කිරීමට නොහැති වීම නිසා වෛද්‍ය ෂාෆි නිදොස්‌ කොට නිදහස්‌ කර ඇති බවට" ප්‍රවෘත්ති පළකිරීම අධිකරණයට කළ අපහසායක්‌ වන බැවින්‌ ඒ සම්බන්ධයෙන්‌ විමර්ශනයක්‌ කරන්නැයි අගතියට පත්‌ පාර්ශ්වය වෙනුවෙන්‌ පෙනීසිටි නීතිඥ චානක අබේවික්‍රම කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. ඊයේ (24 දා) එම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඇමතූ නීතිඥ චානක අබේවික්‍රම

මහතා මෙසේ ද අධිකරණයට පැවසීය.


ස්වාමිනි මෙම නඩුවේ සැකකාර වෛද්‍යවරයාට එල්ල වී

තිබුණේ ඉතා බරපතළ චෝදනා. රුපියල්‌ 500ක අල්ලසක්‌

ලබාගත්‌ බවට චෝදනා එල්ල වන විටත්‌ විමර්ශන අවසන්‌

චනතුරු රාජ්‍ය සේවයෙන්‌ වැඩ තහනමට ලක්කරනවා. මේ

සැකකරුට එරෙහිව රුපියල්‌ කෝටි 44ක මුදලක්‌ උපයා ගැනීම සම්බන්ධයෙන්‌ මුදල්‌ විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල චී තිබියදීත්‌ ඔහු වැඩ තහනමට ලක්‌ නොකර අනිචාර්ය නිවාඩු යැව්වා. මෙලෙස සිදුවූයේ ඔහුට තිබෙන දේශපාලන සබඳතා නිසයි. වැඩ තහනම්‌ නොකර අනිවාර්ය නිවාඩු යැවීම නිසා ඔහුට හිඟ වැටුප්‌ ලැබුණා. 

පසුගිය 13වැනිදා ඔහුට ඒ චෙක්පත භාරදුන්‌ පසුව චෝදනා ඔප්පු වී නොමැති නිසා ඔහුව නිදොස්‌ කොට නිදහස්‌ කර ඇති බවට ජනමාධ්‍ය කිහිපයක ප්‍රවෘත්ති පළ වුණා.


මහෙස්ත්‍රාත්වරයා - ඒ බව සනාථ කරන්න අවශ්‍ය ලේඛන

තිබෙනවාද? තිබෙනවා නම්‌ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට

භාරදෙන්න.


නීතිඥ චානක අබේවික්‍රම මහතා - තිබෙනවා ස්වාමිනි

අගතියට පත්‌ පාර්ශ්වය ඒවා අධිකරණයට භාරදීමට සූදානම්‌. ඒ අනුව විමර්ශනයක්‌ කර එකී මාධ්‍ය ආයතනවලට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.


එහිදී සැකකාර වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය නිසා වඳ

භාවයට හා මදසරුභාවයට පත්‌ කාන්තාවන්‌ කොළඹ

විශ්වවිද්‍යාල විද්‍යාපීඨයේ මහාචාර්යවරුන්‌ ප්‍රමුඛ විශේෂඥ

වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත්‌ කිරීමේ කටයුතු ලබන අගෝස්තු

5 වන දිනට පෙර අවසන්‌ කරන ලෙසට අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට

විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරනා ලෙසට ද

නියෝග කළේය. නීතිඥ ප්‍රේම්‌ බී. තෙන්නකෝන්‌ මහතා

සැකකරු වෙනුවෙන්‌ පෙනීසිටි අතර නීතිඥ නිරුෂි උයන්වත්ත,

නීතිඥ සමන්‌ බණ්ඩාර දිසානායක යන නීතිඥවරුන්‌ සමඟ

නීතිඥ චානක අබේවික්‍රම මහතා අගතියට පත්‌ පාර්ශ්වය

වෙනුවෙන්‌ පෙනීසිටියේය. සැකකාර වෛද්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. රටේ පවතින තත්ත්වය අනුව සැකකාර වෛද්‍යවරයාට පනවා ඇති ඇප කොන්දේසි ලිහිල්‌ කරන ලෙස සැකකරුගේ නීතිඥවරයා අධිකරණයෙන්‌ ඉල්ලාසිටි අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටීමේ ඇප කොන්දේසිය ඉවත්‌ කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. කෙසේ නමුත්‌ අධිකරණය නියම කරන දිනවලදී අධිකරණය හමුවේ පෙනීසිටීමට අපොහොසත්‌ වුවහොත්‌ එකී ඇප ලිහිල්‌ කිරීමේ කොන්දේසිය අවලංගු කරන බවට ද මහෙස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේය.

No comments

Ads Place