Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හජ් වන්දනාවේ යන්න ඩොලර් නෑ

2022 වසරේ සෞදි අරාබිය හජ් වන්දනාකරුවන් 1585 සදහා ශ‍්‍රී ලංකාවට කෝටාවක් අනුමත කර ඇත. නමුත් එම සංචාරය සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 6.3ක ප‍්‍රමාණය ...

2022 වසරේ සෞදි අරාබිය හජ් වන්දනාකරුවන් 1585 සදහා ශ‍්‍රී ලංකාවට කෝටාවක් අනුමත කර ඇත.

නමුත් එම සංචාරය සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 6.3ක ප‍්‍රමාණය සබයා ගැනීම ගැටළු කාරී වී ඇත.

එක් වන්දනාකරුවකු වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් 4000 සිට 6000 ක ප්‍රමාණයක් වැය වෙතැයි ගණන් බලා ඇත.

එම ප්‍රමාණය වියදම් කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශීය විනිමය සංඤිත හිදී යාම හේතුවෙනි.

ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරන්නේ රජයේ ආර්ථීකය අර්බුදකාරී තත්වයක පැවතිය ද හජ් වන්දනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ ව සොයා බලමින් සිටින බවයි.

හජ් වන්දනාව සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීම වන්දනා කරුවන්ට සහ සංචාරක ක්‍රියාකරුවන් ට භාර දෙන බවද හෙතෙම සඳහන් කළේය.

 

No comments

Ads Place