Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රවී කුමුදේශ් කප්පම් ඉල්ලනවායැයි රහස් පොලිසියට පැමිණිල්ලක්

  වෛද්‍ය රසායනාගාර සේවකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් තමන්ට තර්ජනය කරමින් කප්පම් ඉල්ලන බව ශ්‍රී ලංකාවේ ප්‍රකට රසායනාගාර උපකරණ සහ රසායන ද්‍...

 


වෛද්‍ය රසායනාගාර සේවකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් තමන්ට තර්ජනය කරමින් කප්පම් ඉල්ලන බව ශ්‍රී ලංකාවේ ප්‍රකට රසායනාගාර උපකරණ සහ රසායන ද්‍රව්‍ය ආනයනය කරන සමාගමක හිමිකරුවකු රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව වාර්තා වෙයි. මෙම සමාගම දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා වෛද්‍ය පර්යේෂණ සඳහා අවශ්‍ය වන උපකරණ සපයයි. ඔහු මෑතකදී රෝහල් ගණනාවක් සඳහා මෙම උපකරන සැපයීමට ටෙන්ඩරයක් දිනා ගෙන ඇති අතර එම සමාගමට මෙම උපකරණ රෝහල්වලට සැපයීමටනම් තමන්ට මිලියන 7ක මුදලක් ලබා දෙන දෙස රවී කුමුදේශ් ආයතනයේ හිමිකරුට දන්වා ඇත. තම සංගමයේ සුබසාධන කටයුතු සඳහා මෙම මුදල් ලබා දිය යුතු බව ඔහු මේ වන විට කිහිපවරක්ම ආයතනයේ හිමිකරුට තර්ජනාත්මකව පවසා ඇත. එම මුදල් ලබා නොදුනහොත් මෙම ආයතනයෙන් රෝහල් රසායනාගාර වෙත සපයන යන්ත්‍රවලින් නිසි ප්‍රතිඵල ලබා නොදෙන බව පවසමින් වැඩ වර්ජනයක නිරතවන බවත්, කිසිදිනක අදාල සමාගමේ යන්ත්‍රයක් රෝහල් රසායනාගාර වෙත සැපයීමට ඉඩ ලබා නොදෙන බවත් කුමුදේශ් වැඩි දුරටත් දන්වා ඇත. මේ කරුණු සදහන්වන හඬ පටිගතකිරීම්ද රහස් පොලිසියට ලබා දෙනු ඇත. මීට පෙර අවස්ථා ගණනකදී රවී කුමුදේශ් මෙම ආයතනයේ හිමිකරුගෙන් රු මිලියන 3 ආසන්න මුදලක් වරින් වර ලබා ගෙන ඇති බවද හෙළිවී ඇත.


රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් සමග සමීප සබදතා පවත්වන රවී කුමුදේශ් මුදලට මාධ්‍ය සාකච්ජා පවත්වන පුද්ගලයකු ලෙසද ප්‍රකටය. යම් කරුණක් උදෙසා මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීමට රු 50,000සිට 150,000 මුදලක් ඔහු අය කරයි. මේ නිසා රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න පසුගිය සතියේ පවසා තිබුනේ රවී කුමුදේශ් ඉතා බරපතල වැරදි තොරතුරු මාධ්‍ය හරහා ඉදිරිපත් කරන බවයි. මුදලට පැවැත්වූ එවැනි මාධ්‍ය සාකච්ජාවකදී වැරදි තොරතුරු සමාජගත කිරීම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ, රවී කුමුදේශ් යනු දේශපාලන අද බාලයකු ලෙස ද හැදින්වීය. 


LTTE සංවිධානයේ ටොසී බුද්ධි අංශයට තොරතුරු සැපයීමේ චෝදනාව මත රවී කුමුදේශ් 2007 වසරේදී ආරක්ෂක අංශවල අත්අඩංගුවට ද පත්විය. එම චෝදනාවට ලක්වූ ඔහුගේ සමීප මිතුරකු වූ “ටැමිල්නෙට්” වෙබ් අඩවිය පවත්වාගෙන ගිය තාරකී සිවරාම් තවත් දෙමල සන්නද්ධ කණ්ඩායමක් අතින් ඝාතනය විය. රවී කුමුදේශ් ඔහුගේ මුල් නම වූ රවිචන්ද්‍රන් කුමහරන් යන්න පසුව වෙනස් කරගෙන ඇතිබව ද එකල අනාවරණය විය.

No comments

Ads Place