Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය ධූත පිරිසක් විශේෂ යානයකින් ලංකාවට

ලංකාවට තව දුරටත් ආර්ථික ආධාර ලබා දීමට පෙර ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්‍ෂණය සඳහා ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යා...

ලංකාවට තව දුරටත් ආර්ථික ආධාර ලබා දීමට පෙර ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්‍ෂණය සඳහා ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙටදිනයේ මෙරටට පැමිනීමට නියමිතය.

දූත පිරිස පැය තුනක කාලයක් පමණක් මෙරට රැඳී සිටින අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හා ඉදිරි ණය වැඩසටහන් පිලිබද සාකච්චා කර එකගතාවයකට පැමිණීම සදහා එම පිරිස මෙසේ පැමිණෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට තෙල් මිලදී ගැනීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් සකස් කිරීමට ඉන්දියාව මේ වන විට කටයුතු කරමින් සිටී.

පිරවුම්හල් අසල සැතපුම් ගණන් පෝලිම් ගැසී ඇති අතර මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයකට ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටී.

 

No comments

Ads Place