Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'දිවයින ' පත්තරේට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි

ශ්‍රී ලංකාවට රුසියානු බොරතෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමග යවන පුවත් පල කිරීම සම්බන්ධයෙන් දිවයින පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග...

ශ්‍රී ලංකාවට රුසියානු බොරතෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමග යවන පුවත් පල කිරීම සම්බන්ධයෙන් දිවයින පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීතීඥයින්ට උපදෙස් දී ඇත.

එමෙන්ම මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා තෙල් සංස්ථාව විසින් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ද කරනු ඇති බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සදහන් කරයි.

ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ අමාත්‍යාංශයට පසුගිය මාසය තුළ යෝජනා 70කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඒ සියලුම යෝජනා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් ඇගයීමට ලක් කර අවශ්‍යතා සම්පූර්ණ වූ පසු අනුමැතිය නිකුත් කරන බවද ඇමතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

බොහෝ සැපයුම්කරුවන් තාක්ෂණික අවශ්‍යතා සපුරාලන නමුත් රට සහ බැංකු ශ්‍රේණිගත කිරීම් හේතුවෙන් අනුගමනය කළ හැකි ගෙවීම් ක්‍රම සපුරාලීමට අපොහොසත් වන බවද එහි දැක්වෙයි.

අසත්‍ය සහ නොමග යවන පුවත් පතුරුවනවාට වඩා ශක්‍ය යෝජනාවක් ඇති ඕනෑම අයෙකුට එය ඉදිරිපත් කරන ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටී.

 

No comments

Ads Place