Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාව යළිත් මැති ඇමති නිවාස වලට පහර දේවි - බලශක්ති ඇමති කියයි

පුනර්ජනනීය බලශක්තිය සඳහා පැහැදිලි තිරසාර තීරණයක් නොගතහොත් ජනතාව නැවත වතාවක් මැති ඇමතිවරුන්ගේ නිවාස වලට පහර දෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අ...

පුනර්ජනනීය බලශක්තිය සඳහා පැහැදිලි තිරසාර තීරණයක් නොගතහොත් ජනතාව නැවත වතාවක් මැති ඇමතිවරුන්ගේ නිවාස වලට පහර දෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

විදුල බල මණ්ඩලයේ ඇතැම් මාෆියාකාර නිලධාරීන් ක්‍රියාකාරීන් පිරිසක් ජනතාව අඳුරේ තබා රට බිත්තියට හේත්තු කර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කුමන්ත්‍රණය කරන බවද හෙතෙම පැවසීය.

විදුලි බිල සියයට 300කින් වැඩි කරන යෝජනාවක් විදුලි බල මන්ඩලය තමන්ට ලබා දුන් බවද පැවසූ ඔහු පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන නිලධාරීන් අද උත්සාහ කරන්නේ විදුලිබිල සංශෝධනය කර ජනතාව මත බර පටවා තම අරමුණු ඉටු කර ගැනීමට ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනතාව මත බර පටවන යෝජනා කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට තමා සූදානම් නැතැයි ද ඔහු කියා සිටියේය.

 

No comments

Ads Place