Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ගෙන් චරිත්ට කොන්ත්‍රාත්තුවක්

  ශ්‍රී ලංකාව තුළ විදේශ විනිමය අර්බුදයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයන්  වන බැසිල් රාජපක්ෂ, පී බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් සහ එස් ආර් ආ...

 


ශ්‍රී ලංකාව තුළ විදේශ විනිමය අර්බුදයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයන්  වන බැසිල් රාජපක්ෂ, පී බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් සහ එස් ආර් ආටිගල යන පුද්ගලයන් විසින් සිදුකළ සිදුකළ මහා අපරාධය වසන් කිරීම සඳහා නවතම මෙහෙයුමක් ඇරඹී ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සතියකට කිහිප වතාවක් රැස්වී ශ්‍රී ලංකාව තුළ දැනට ගොඩනැගී ඇති ආර්ථික අර්බුදය ඇති වූයේ මේ පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා නොව ඒ සඳහා වෙනත් හේතු බලපෑ බවට හුවා දැක්වීම සඳහා ව්‍යාපෘතියක් දියත්ව ඇත.


මේ සඳහා බැසිල් රාජපක්ෂ තෝරාගෙන ඇත්තේ සිය පැරණි හිතවතකු වන චරිත හේරත් ය. යුද සමයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයෙකු ලෙස ද ක්‍රියා කළ චරිත හේරත් දේශපාලනයට ගෙන ආවේ බැසිල් රාජපක්ෂ විසින් ය. ඒ අනුව පසුගියදා ලිට්රෝ සමාගමේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ COPE කමිටුවට කැදවා ගෑස් හිගයට හේතුව විදේශ විනිමය හිගවීම නොව එම සමාගමේ නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව බව පුන පුනා ප්‍රකාශ කර එයට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දෙනු ලැබිණි. මෙම සතියේ ද එයාකාර කටයුත්තක නියැළෙමින් කෝප් කමිටුවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් කැදවා ශ්‍රී ලංකාව තුළ ඖෂධ හිඟයක් ඇති වූයේ ඩොලර් හිඟය නිසා නොව එම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා බව පුන පුනා පවසා එයට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කෙරිණි.


මේ ආකාරයෙන්ම ඉදිරි සති කිහිපය ද තවත් රාජ්‍ය ආයතනය කිහිපයක් කෝප් කමිටුවට කැඳවා බැසිල්- පීබී-කබ්රාල්- ආටිගල කණ්ඩායම ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වලින් මුදාගැනීමේ "වොෂින් මැෂින්" මෙහෙයුමක් දියත් වීමට නියමිතය.

No comments

Ads Place