ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මගින් එල්පී ගෑස් ලබාගැනීමේදී සිදු ව ඇති බව පැවසෙන මහා පරිමාණ වංචාවක් පිළිබඳ මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය ව...
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මගින් එල්පී ගෑස් ලබාගැනීමේදී සිදු ව ඇති බව පැවසෙන මහා පරිමාණ වංචාවක් පිළිබඳ මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඒ පිළිබඳව මුල්ම අනාවරණය සිදු කළ අතර ඔහු චෝදනා කළේ මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 96 ක මුදලකට ලබා ගැනීම සඳහා අවකාශය තිබියදී ඒ වෙනුවෙන් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 129 ක මුදලකට මිලදී ගැනීම් සදහා ලිට්‍රෝ ගෑස් සමාගම එකඟතාවය පළ කර ඇති බවයි.
මෙම ගනුදෙනුව රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ද උණුසුම් කතාබහ නිර්මාණය වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාගනන්ද කොඩිතුවක්කු මහතාට චෝදනා එල්ල කළේ ඔහු බොරුකාරයකු බව පවසමින්.
අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඔහු විසින් සිදු කර ලද චෝදනාව නැවත වතාවක් තහවුරු කර ඇත.
අදාළ දූෂිත ගනුදෙනුව පිටුපස සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා බවටද ඔහු චෝදනා නගන්නේ තමා පවසන්නේ අසත්‍ය කරුණු නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තමන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවද පවසමිනි.
No comments