Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ තමයි රටක් ලෙස ජයගන්න පුලුවන් හොදම අවස්ථාව - ඇමති රොශාන්

රටක් ලෙස ජය ගත හැකි හොඳම අවස්ථාව මෙය බව වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. මහවැලි අධිකාරියේ දී පැවති සා...

රටක් ලෙස ජය ගත හැකි හොඳම අවස්ථාව මෙය බව වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මහවැලි අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

“අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වගකීම මට භාරදුන්නේ ලොකු විශ්වාසයක් ඇතිව. ඒ වෙනුවෙන් මේ කාලය තුළ උපරිම සාධාරණයක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා.

මම දකින්නේ රටේ උද්ගතව ඇති මේ තත්ත්වය රට ගොඩ නැගීමට හැකි හොදම අවස්ථාවක් ලෙසයි. අපේ අඩුපාඩු හදුනාගෙන පාඩු ලබන රජයේ ආයතන පිළිබඳව සොයා බලා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. 21 වෙනි ව්‍යවස්ථා සංශෝදනයෙන් මහජනතාවට ලැබෙන්නේ මොනවාද කියා ඔවුන් බලාගෙන සිටිනවා.

ජාතික කරුණු එසේ තිබියදී අපි අපේ අමාත්‍යාංශ තුළින් මහජනතාව වෙත උපරිම සේවාවක් ලබා දෙන්න කටයුතු කරනවා. අපි අපේ අමාත්‍යාංශ අන්තර්ජාතික තත්ත්වයන් අධ්‍යනය කර ලංකාවට ගැලපෙන ලෙස නැවත ව්‍යුහගත කළ යුතුයි.

කෘෂි පර්යේෂණ නිළධාරීන්ට ගම වගා කිරීමේ ඉලක්කයක් ලබා දිය යුතුයි. ගම තුළ රාජකාරි කටයුතු ඉටු කරන සෙසු රජයේ නිළධාරීන් හටද ඉලක්කගත වැඩ කොටසක් ලබා දිය යුතුයි. පසු විපරම් කිරීම, ප්‍රගතිය පිළිබද සොයා බැලීම තුළින් ඔවුන්ගේ කාර්යභාරයන් නිසි ආකාරයෙන් ඉටු වී ඇතිද යන කාරණය සොයා බැලිය හැකියි.

අද මෙම සාකච්ඡාවට කෘෂිකර්මය, වාරිමාර්ග, පශුසම්පත්, මූල්‍ය කළමනාකරණය, ආහාර අපනයන, ආයෝජන වැනි විවිධ අංශවල ප්‍රවීනතම විද්වතුන් රැස්වෙලා ඉන්නවා. උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් අසරණව සිටින මහවැලි කළාපයේ ගොවි ජනතාව නගා සිටුවීමට ජාතික වැඩසටහනක් සැකසීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

මෙතෙක් අපි අති විශාල මුදලක් වැය කර තිබෙනවා මහවැලි කලාපවල සිටින ගොවීන් නගාසිටුවන්න. එච් කලාපයේ හා වලව කලාපයේ ගොවීන් යම් තාක් දුරට දියුණු මට්ටමකට පැමිණිය ද අනෙකුත් කලාපවල ගොවීන්ට දියුණු මට්ටමකට ඒමට නොහැකි වී තිබෙනවා.

අපි එම ගැටලු හදුනාගෙන ඔවුන් නගාසිටුවීමේ කඩිනම් සැළසුමක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මහවැලි කලාපයේතරුණයින් නවීන කෘෂිකාර්මික දැනුමෙන් පෝෂණය කළ යුතුයි. අපනයන කෘෂි බෝග සදහා ඔවුන් යොමු කළ යුතුයි. මහවැලි කලාපයතාක්ෂණික කෘෂි ගම්මානයක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ සඳහා මම විද්වත් ඔබෙන් සහයෝගය ඉල්ලා සිටිනවා.”

 

No comments

Ads Place