Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුව ඉල්ලා අස් වේවි -කිරිඇල්ල

අපේ රටේ නායකයෝ විවිධ රටවල් වලින් විවිධ ආයතන වලින් ආධාර ඉල්ලනවා. නමුත් අද වෙන තෙක් සිල්ලර ආධාර ලැබුනත් රට ගොඩගන්න පුළුවන් ආධාර ලැබුණේ නෑ. හේත...

අපේ රටේ නායකයෝ විවිධ රටවල් වලින් විවිධ ආයතන වලින් ආධාර ඉල්ලනවා. නමුත් අද වෙන තෙක් සිල්ලර ආධාර ලැබුනත් රට ගොඩගන්න පුළුවන් ආධාර ලැබුණේ නෑ. හේතුව මොකක්ද ? ලෝක බැංකුවේ ප්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශනය බලන්න, ලංකාවට ආධාර දෙන්න කාරණා දෙකක් ඉටු කරන්න ඕන කිව්වා. එකක් තමයි අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය.අපේ රටේ ආදායමට වඩා වියදම තුන් ගුණයක් වැඩි එයට විසඳුමක් දිය යුතුයි. දෙවැනි එක දේශපාලන ප්‍රතිසංස්කරණ, ඒවා ඉදිරිපත් කළ යුතුයි.අපි කොච්චර ණය ඉල්ලුවත් අවශ්‍ය ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරයට ලබා දෙන් නැතුව අපිට ආධාර දෙන්නේ නෑ .

විපක්ෂ නායක කාර්යාලය පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහතා පැවසීය.

අද රට මුහුණපෑමට සිදු වෙලා තිබෙන ආර්ථික ව්‍යසනය අපි අවුරුදු එක හමාරකට කලින් දැක්කා. එහිදී විපක්ෂ නායකතුමා විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ ,ආර්ථික විශේෂඥයන් සියලු දෙනාම අනතුරු ඇඟවීමක් කළා. නමුත් ආණ්ඩුව තුට්ටුවකට ගණන් ගත්තේ නෑ . රුපියල් ,ඩොලර් බිංදුවට වැටෙන කන් බලාගෙන හිටියා. මුදල් ඇමතිවරයෙක් හිටියා පාර්ලිමේන්තුව පැත්ත පලාතේ ආවේ නෑ . අද ඩොලරුත් නෑ රුපියලුත් නෑ. හැබැයි ආණ්ඩුව හීන දකිනවා ඩොලර් එනවා කියලා.

පළමුදා එක්තරා අමාත්‍යංශය කිව්වා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලබා දෙනවා කියලා .නමුත් පැය 24ක් ගියෙත් නෑ ලෝක බැංකුවත් නිවේදනයක් නිකුත් කරමින් එහෙම කිසිම දෙයක් නෑ ලංකාවට ආධාර ලබා දෙන එක ගැන තවමත් සාකච්ඡා පටන් ගෙනත් නෑ කිව්වා .

අද මේ රටේ තත්ත්වය මොකක්ද පසුගිය මාස 3 න 4 තුළ අර්බුදයේ උච්චතම අවස්ථාවේ මතක් කරන්න කාරණා දෙකක් තියෙනවා. ඇයි අපට ආධාර නොදෙන්නේ ? දැන් හැමදාම පත්තරේ බැලුවොත් අපේ රටේ නායකයෝ විවිධ රටවල් වලින් විවිධ ආයතන වලින් ආධාර ඉල්ලනවා. නමුත් අද වෙන තෙක් සිල්ලර ආධාර ලැබෙනවා නමුත් රට ගොඩගන්න පුළුවන් ආධාර ලැබුණේ නෑ හේතුව මොකක්ද ලෝක බැංකුවේ ප්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශනය බලන්න මොකද ලංකාවට ආධාර දෙන්න කාරණා දෙකක් ඉටු කරන්න ඕන කිව්වා. ඉන්න එකක් තමයි අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය ආදායමට වඩා වියදම තුන් ගුණයක් වැඩි එයට විසඳුමක් දිය යුතුයි. දෙවැනි එක දේශපාලන ප්‍රතිසංස්කරණ ඒවා ඉදිරිපත් කළ යුතුයි කොච්චර ණය ඉල්ලුවත් අවශ්‍ය ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරයට දෙන්න ඕන එහෙම නැතුව ආධාර දෙන්නේ නෑ .ඒවා ජනතාවත් ඉල්ලනවා ජනතාව ඉල්ලන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වියයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණයි රටක් ගොඩ ගන්න ආධාර දෙන්නේ. එම නිසා ඉහත කියපු කාරණා දෙක සම්බන්ධයෙන් සැලැස්මක් ඉදිරිපත් කරලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා පිළිගත්තට පස්සෙ තමයි රට ගොඩගන්න පුළුවන් ආධාරයක් ලැබෙන්නේ මාධ්‍ය වලින් එම කරුණු ඉස්මතු වෙලා නැ .

අපි පාර්ලිමේන්තුවේදීත් මෙම යෝජනා ගැන කිව්වා නමුත් තවම ඉදිරිපත් කරලා නැහැ මොකද අපිටත් ඕන මිනිස්සු විඳින දුකෙන් රට බේරගන්න නමුත් අපි ඒක කියවලා බලලා හොඳයි කියලා අපේ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා ජනතාව වෙනුවෙන් .නමුත් තවම ඉදිරිපත් කරලා නෑ අපා ප්‍රාර්ථනා කරනවා 07 වැනිදා පාර්ලිමේන්තුව පටන් ගත්තට පස්සේ රට ගොඩගන්න ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ප්‍රකාශයක් කරයි කියලා .මොකද හීන දැක්කට ඩොලර් එනවා කියලා ඒවා ඉෂ්ට වෙන්නේ නැහැ.

ටිකක් කල්පනා කරලා බලන්න කොහොමද ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්නේ පිටරටවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයා ගේ විශ්වාසය වත් දිනා ගන්න බැරි වෙලා. ඒ අය ලංකාවට ඩොලර් එවන්නේ නැහැ .අපේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ආණ්ඩුවකට දිනාගන්න බැරි නම් කොහොමද අනෙකුත් රටවල් වල විශ්වාසය දිනා ගන්නේ ඒ ගැන කල්පනා කළ යුතුයි. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් කිව්වට පිළුණු වෙච්ච ආණ්ඩුවක්. මෙකෙ ඉන්න ඔක්කොම පිළුණු වෙච්ච අය හැම ආණ්ඩුවකම ඉඳලා අස්වෙලා ආයෙත් ඇතුලට ඇවිල්ලා ආයෙත් එළියට ගිහිල්ලා පිළුණු වෙච්ච අය නමුත් අලුත් අයිඩියා මොකුත් නෑ .මේක සර්ව පාක්ෂික ආණ්ඩුවක් කිව්වට සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. විරුද්ධ පක්ෂයේ අනුමැතිය නැතිව තමයි ආණ්ඩුවට මන්ත්‍රීවරුන් සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ මන්ත්‍රීවරු හයිජැක් කෙරුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණත් ඒකත් හයිජැක් කෙරුවා ආර්ථිකය විනාශ කරපු ආණ්ඩුවකට පුළුවන්ද ආර්ථිකය ගොඩනගන්න පාර්ලිමේන්තුව ඇතුළේ ඔලුගෙඩි මාරු කරලා හදන ආණ්ඩුවකට ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ. එය තේරුම් ගත යුතුයි .අලුත් ආණ්ඩුවක් පත් වුණාට මාස තුනක් යනකොට මේ ආණ්ඩුව ඉල්ලා අස් වෙන්නත් බැරි නැහැ. එහිදී තවත් කට්ටියක් එනවා මේක ඇතුලේ ඔළුගෙඩි මාරු කරලා හරියන්නේ නෑ . අපේ රට තියෙන එකම විකල්පය මහ මැතිවරණය. මහ මැතිවරණයක් තුළින් ආණ්ඩුවක් බලයට පත් වෙනවා ඒ ආණ්ඩුවට නීත්‍යා‍නුකූල භාවයක් ඇති වෙනවා මේ ආණ්ඩුව අවුරුදු එකහමාරක් ජනතාව කාල් දෙනවා ප්‍රශ්න විසඳන්න ඒ වගේම ජාත්‍යන්තර කැමතියි ජනතාව මතින් ඉස්මතු වූ ආණ්ඩුවකට මේ රට විනාශ කරපු අය දැන් ඉන්නේ විදේශ රටවල් වලින් ආපු ආධාර ව්‍යාපෘති වලට ගියේ නැහැ ඒවා නැවත මහ බැංකුවට එක් එක් කෙනා දාලා නැවත පිටරට පුද්ගලයන්ගේ ගිණුම් වලට ගියා.කෝප් හෙළිදරව්වක් දකින්න අති ඩොලර් 1 වටිනා කම 205 කට තියාගන්න ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් වැය කරලා ඒක පෑන් පහරකින් .මේ විදියට තමයි රට පාලනය කරලා තියෙන්නේ. මේකට එකම විසඳුම මහ මැතිවරණයක් තුළින් ජන මතය ඉස්මතු වන ආණ්ඩුවක් පත් කර ගැනීම එසේ ආවම ජනතාවත් කල් දෙනවා ජාත්‍යන්තරයත් සහන දෙනවා.

මේ ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ කිසිම පිළිගැනීමක් නැහැ මේ වගේ ආණ්ඩුවක් එක්ක අපේ රටේ ජනතාවට සෙතක් වෙන්නේ නෑ. දැන් ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීන් නිවුස් කියනවා . විසඳුමක් දෙන්නේ නෑ ආහාර අර්බුදයක් එනවා, ඩීසල් හිඟයක් එනවා, ඉන්ධන හිඟයක් එනවා බෙහෙත් නැති වෙනවා නිවුස් කියනවා විසදුමක් නැහැ . විසඳුමක් දෙන්න බැහැ මේ ආණ්ඩුවට සතේ නැහැ අපි මේ ගැන කලින් කිව්වා නමුත් රජය හිතුවක්කාරකමට වැඩ කරපු නිසා මේ රටට මේ තත්ත්වය උදාවෙලා තියෙනවා

 

No comments

Ads Place