Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

21 සංශෝධනයට ස්වාධීන පක්ශ එකමුතුවෙන් යෝජනාවලියක්

අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 ...

අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව ස්වාධීන පක්ෂ එකතුව යෝජනා කරයි.

21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් විය යුතු ප්‍රධාන යෝජනා 7කින් සමන්විත යෝජනාවලියක් ස්වාධීන පක්ෂ එකතුව විසින් අගමැතිවරයා සහ අධිකරණ ඇමතිවරයා වෙත ජූනි මස 1 වෙනිදා ඉදිරිපත් කරකර ඇත.

ඕනෑම ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කරන ගිවිසුම් අත්සන් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කළ යුතු බව ද මෙම යෝජනාවල සදහන් වේ.

වරාය ගුවන්තොටුපළ වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් ජාතික සම්පත් සඳහා ආයෝජන ලබා ගැනීමේදී මෙන්ම හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේ දී ඒවාට අදාළ ගිවිසුම් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කළ හැකි වන අයුරින් එහි විෂය පථය පුළුල් කළ යුතු බවත් එමෙන්ම එකී ගිවිසුම් පූර්ව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ස්වාධීන පක්ෂ එකතුව යෝජනා කරයි.

 

No comments

Ads Place