Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

21 සාකච්ඡාවෙන් GL, දිනේෂ් නැගිට ගියේ ඇයි?

  21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පක්ෂ නායකයන් අතර පැවති රැස්වීම අතරවාරයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මහාචාර්ය ජි එල් පිරිස් සහ සභා...

 



21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පක්ෂ නායකයන් අතර පැවති රැස්වීම අතරවාරයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මහාචාර්ය ජි එල් පිරිස් සහ සභානායක දිනේෂ් ගුණවර්ධන එම රැස්වීමෙන් නැගිට ගිය බවට වාර්තා වී ඇත. මේ පිළිබඳ බොහෝ සමාජ මාධ්‍ය පවසා තිබුණේ 21 සංශෝධනයට විරෝධතාව දක්වා ඔවුන් දෙදෙනා රැස්වීමෙන් ඉවත්ව ගිය බවයි. 


කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ එසේ රැස්වීමෙන් නැගිට යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රැස්වීමට පෙර ම ඔවුන් දෙපළ දැනුම් දී තිබුණු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ අතර මීට පෙර සැලසුම් කර තිබු රැස්වීමකට සහභාගි වීමට ඔවුන් දෙදෙනා පිටත්ව ගිය බවත්ය. බැසිල් රාජපක්ෂගේ විරෝධය නොතකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් 21 සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට බලාපොරොත්තු වන බවද ආරංචි මාර්ග පවසයි.

No comments

Ads Place