Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි වැටිලා ඉවරයි..- ශ්‍රී පාදස්ථානාධිපති

අපි පැදුරෙන් බිමට වැටිලා ඉවරයි , ආයේ වැටෙන්න තැනක් නැ ඒ නිසා සියළු දෙනා එකට එකතු වි කටයුතු කල යුතු බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍ර...

අපි පැදුරෙන් බිමට වැටිලා ඉවරයි , ආයේ වැටෙන්න තැනක් නැ ඒ නිසා සියළු දෙනා එකට එකතු වි කටයුතු කල යුතු බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් (03) දින ඒ බැව් කියා සිටියේ 2021-2022 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ

ලංකාවේ තිබෙන දර්ශනයන් අතරින් උසස්ම ධර්මය බෞද්ධ දර්ශනය,එම දර්ශනයට විරුද්ධව කටයුතු කරනවා නම් යම් රජෙක් , නායකයෙක්.

එම නායකයා නැති වෙනවා මිසක් බුදු දහම හෝ රට විනාශ වන්නේ නැ.

යම් භික්ෂුවක් වුවත් මෙම දර්ශනයට විරුද්ධව කටයුතු කරනවා නම් උන් වහන්සේටත් සෙතක් සිදු වන්නේ නැ.

අපිට ආයේ වැටෙන්න තැනක් නැ , පැදුරෙනුත් බිමට වැටිලා ඉන්නේ.ඒ නිසා සියල්ලම එකට එකතු විය යුතුයි.

අරක නිසා මේක නිසා එකතු වෙන්නේ නැ කියන මති මතාන්තර එපා,සියල්ල එකතු වෙලා මේ රට ගොඩනගන්න.

මේ රට ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ කාටවත් අයිති රටක් නෙවෙයි , මේ මහජනයාගේ රට.

බේද නොවි ඇණ කොට ගන්නේ නැතුව ඥණාන්විතව සියල්ල එකට එකතු වෙලා මේ රට ගොඩගන්න.

2021-2022 වර්ෂය සදහා වු ශ්‍රි පාද වන්දනා වාරය (17) දිනට යෙදෙන වෙසක් පොහෝ දින පෙරවරුවේ ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව එදින දහවලින් අවසන් කරන බවත්,ඉන් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුධ හමුදා භට පිරිස් සහයෝගය ඇතිව රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත් , නල්ලතන්නිය ලක්ෂපාන කළුගල යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ  පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කරන බවයි.

ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ එදින පැවැත්වෙන චාරිත්‍රානුකුල ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ සිට වැඩම කරන ලද සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තබන බවයි.

2021-2022 ශ්‍රි පාද වන්දනා වාරය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් සහ මාධ්‍ය ආයතනවල  සහයෝගය ඇතිව සාර්ථකව සිදු කිරිම හැකියාව ලැබුණු බවත්, එම කාලය තුල ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් උපරිම අයුරින් ලබාදිමට පියවර ගත් බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් පැවසිය.

 

No comments

Ads Place