Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිටි මිල යළි ඉහළට

දිවයිනේ තිරිගු පිටි සමාගමක් විසින් යලිත් වතාවක් (17) දින මධ්‍යම රාත්‍රියේ සිට බේකරි නිෂ්පාදනය සදහා භාවිතා කරන තිරිගු පිටි කිලෝවක මිල රු 35 ක...

දිවයිනේ තිරිගු පිටි සමාගමක් විසින් යලිත් වතාවක් (17) දින මධ්‍යම රාත්‍රියේ සිට බේකරි නිෂ්පාදනය සදහා භාවිතා කරන තිරිගු පිටි කිලෝවක මිල රු 35 කින් ඉහල දැමිම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන රැසකම මිල යලිත් ඉහල යාම හමුවේ අලෙවිය සිඝ්‍රයෙන් පහල වැටිමේ අවධානමක් පවතින බව බේකරි හිමියන් පැවසිය.

එම සමාගම තිරිගු පිටි මිල වැඩි කිරිම හමුවේ මෙරට තවත් තිරිගු නිෂ්පාදනය කරන තවත් සමාගමක්ද තිරිගු පිටි මිල වැඩි කරන බවට එම සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට දැනුම් දි ඇති බවද බේකරි හිමියන් කියා සිටියි.

කිලෝ 50 ක තිරිගු පිටි මිටියක් මිල දි ගැනිමට රු දස දහසකට වැඩි මුදලක් පිරිවැයක් ලෙස දැරිමට සිදු වන බවත්, එයට සමගාමිව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩි විම හමුවේ මෙම කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවදානමකට ලක් වි ඇති බවද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් කියා සිටියි.

ග්‍රැම් 450 ක් පාන් ගෙඩියක මිල යලිත් ඉහල යාම හමුවේ එයට සමගාමිව අනෙකුත් කෙටි කැම වල මිල ඉහල නැංවිමට සිදු වන බවත්,මෙසේ මිල වැඩි කිරිම හමුවේ පාරිභෝගිකයා දැඩි අසිරුතාවයට පත් වි ඇති බවද බේකරි හිමියන් වැඩිදුරටත් පැවසිය.

 

No comments

Ads Place