අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසන බව පැවසුවේ ද මෙතෙක් එම කටයුත්ත සිදු කර නැතැයි චෝදනා එල්ල වෙයි. ඉන්ධන නොමැතිව රෝහල් කාර්යය...
අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසන බව පැවසුවේ ද මෙතෙක් එම කටයුත්ත සිදු කර නැතැයි චෝදනා එල්ල වෙයි.
ඉන්ධන නොමැතිව රෝහල් කාර්යය මණ්ඩලයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් ඇතැම් වෛද්‍යවරුන් යතුරුපැදි හා පාපැදිවලින් සේවයට වාර්තා කර ඇතැයි ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල් වලට යන රජයේ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව නොසැලසෙන බවත් මේ හේතුව නිසා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් පවා පාපැදි භාවිතා කරමින් සේවයට ගමන් කරන බව ද ඔහු පැවසීය.
ගම්පහ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍ය අධිකාරිවරයකු පැවසුවේ තමන් රාජකාරියට යන අතර පැය හතර පහක කාලයක් ඉන්ධන පෝලිමේ ගත කරන්නට සිදු වී ඇති බවයි.
No comments